IMG-LOGO

සියයට 30 ට්‍රම්ප් බද්ද අඩුකර ගැනීමේ සාකච්ඡා කඩිනම් කරන්න

රබර් නිෂ්පාදන නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය

 

ඇමෙරිකාවේ “අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ යටතේ ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 30 තීරු බද්ද අඩුකර ගැනීම සඳහා සිදු කරන සාකච්ඡා කඩිනම් කරන ලෙස ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය පසුගියදා ඉල්ලීමක් කළේය.

මෙරටට පනවා ඇති සියයට 30 තීරු බද්ද එළැඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එය ක්‍රියාත්මක වුවහොත් ඇමෙරිකානු වෙළෙඳපොළේ අපනයන-කරුවන්ට යම් අවාසි සහගත තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි රබර් නිෂ්පාදන නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති පුෂ්පික ජනධීර මහතා ප්‍රකාශ කළේය.

මෙම තීරුබදු පැනවීම සිදුවන්නේ ශ්‍රී ලංකාව අර්බුදයෙන් පසු තම නිෂ්පාදන අංශය නැවත පණ ගැන්වීමට උත්සාහ කරන අවස්ථාවක බවත් මැලේසියාව, වියට්නාමය සහ ඉන්දියාව වැනි රටවලට වාසිදායක තත්වයක් ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් ලැබී ඇති බවත් කඩිනම් මැදිහත්වීමක් නොමැතිව තම දීර්ඝ කාලීන ගැනුම්කරුවන් හා තරගකාරිත්වය අහිමිවීමේ අවදානමක් තිබෙන බවත් ජනධීර මහතා පැවැසුවේය.

සියයට 30 ක තීරු බද්දෙන් ටයර් අපනයනයට විශාල බලපෑමක් එල්ල වන බවත් වියට්නාමයට පනවා තිබෙන්නේ සියයට 20 ක තීරු බද්දක් බවත් ඔහු ප්‍රකාශ කළේය. ඉන්දියාවේ තීරු බද්ද තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බවත් ශ්‍රී ලංකාවට වඩා අඩු ප්‍රතිශතයක් ඇමෙරිකාව ඉන්දියාවට පනවනු ලැබුවොත් මෙරටට ඉන් විශාල බලපෑමක් එල්ල වනු ඇති බවත් ඔහු පැවැසුවේය.

රබර් අපනයන ක්ෂේත්‍රය පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියනයක අපනයන ආදායමක් උපයා තිබෙන බවත් රබර් කර්මාන්තය තෙවැනි ස්ථානයට මෙරට ඉහළ අපනයන ආදායම ලබා දෙන අංශය බවත් ජනාධීර මහතා ප්‍රකාශ කළේය. ඉන් තුනෙන් එකක අපනයන ආදායමක් පැමිණෙන්නේ ඇමෙරිකාවෙන් බවද ඔහු පෙන්වා දුන්නේය.

 

 

 



අදහස් (0)

සියයට 30 ට්‍රම්ප් බද්ද අඩුකර ගැනීමේ සාකච්ඡා කඩිනම් කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site