IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


සයිබර් තර්ජන හඳුනා ගැනීමට ව්‍යාපෘතියක්


නිමල කොඩිතුවක්කු


සයිබර් තර්ජන හඳුනා ගැනීම සහ අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ පර්‌යේෂණ ඒකකයක් ((Threat Hunting and Malware Analysis Lab) ) පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී  ඇත.

ශ්‍රී ලංකා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය, ජාතික දත්ත හුවමාරු කිරීමේ ඩිජිටල් වේදිකාව සහ ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud) වැනි ප්‍රධාන ව්‍යාපෘති සහ අනෙකුත් රාජ්‍ය ආයතන තුළ සිදු වන ඩිජිටල් කරණ ව්‍යාපෘති මගින් ශ්‍රී ලංකාව සිය ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට අපේක්ෂා කරනු ලබයි.

එවැනි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම ඉතාමත් වැදගත් අවශ්‍යතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබේ.

ඒ සඳහා සයිබර් තර්ජන හඳුනා ගැනීම හා ඒවාට සාර්ථකව මුහුණ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම, අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණය කිරීමේ හැකියාව සහ මානව සම්පත් ධාරිතාව ප්‍රවර්ධනය හා සයිබර් පර්‌යේෂණ සිදු කිරීම අරමුණු කර ගනිමින් පර්‌යේෂණ ඒකකයක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) තුළ පිහිටුවීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර ඇත.



අදහස් (0)

සයිබර් තර්ජන හඳුනා ගැනීමට ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site