භානුක අමරසිංහ
සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ විවෘත කරන ණයකරයක් හරහා රුපියල් බිලියන 4ක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. පසුගියදා රැස්වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, උපප්‍රධාන, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ණයකර ලෙස මෙම නිකුතුව සිදුකිරීම සැලසුම වී තිබේ. මෙහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කර ඇති අතර, නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 4කි. මෙම නිකුතුව වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කිරීමත් සැලසුමවී තිබේ. එසේම ඊට අදාළ පොලී අනුපාත මහ බැංකුවේ උපදෙස් අනුව තීරණය වන බවත් සමාගම පවසයි. කෙසේ වෙතත් අදාළ බැඳුම්කර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීම සැලසුම බවත්, මෙම නිකුතුව සම්බන්ධයෙන් සියලුම නියාමන පාර්ශ්වයන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් සමාගම පසවයි.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියපත ෆිනෑන්ස් තවත් ණයකර නිකුතුවකින් රු.බි. 4ක් රැස් කිරීමට සැරසෙයි