IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ස්මාර්ට් පික් පැක් නවතම ශාඛාව ගම්පහදී විවෘත වේ

ස්මාර්ට් " පික් පැක් " වෙළඳ ආයතනයෙහි 16 වැනි ශාඛාව ගම්පහ - කොළඹ පාරේ අංක 255/1/1 දරන ස්ථානයේදී ඉකුත් දා සුභ මොහොතින් ආරම්භ කෙරිණි.

දිවයිනෙහි විවිධ ප්‍රදේශවල මේ වනවිට ආරම්භ කොට ඇති මෙම වෙළඳ ව්‍යාපාරය මගින්, පාරිභෝගිකයන් විසින් දුරකතන මාර්ගයෙන් කරනු ලබන සියලු ඇණවුම් නිවාස ඇතුළු ඕනෑම ස්ථානයකට රැගෙන ගොස් බාරදීම සිදු කරනු ලබන බව එම ව්‍යාපාරයේ සභාපති අනුර ජයසිංහ මහතා සදහන් කළේය.

මෙලෙස ඇණවුම් කොට ලබා ගන්නා ද්‍රව්‍ය සහ භාණ්ඩ සඳහා මුදල් ගෙවීම එක්වර මෙන්ම පොලී රහිතව වාරික වශයෙන් ගෙවීමේ හැකියාව පැවතීම විශේෂත්වයක් බව එම ආයතනය සඳහන් කරයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රදේශයෙහි ආරම්භ කළ මෙම ව්‍යාපාරය දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමටද සැලසුම් කොට ඇති බව ආයතන කළමනාකාරිත්වය සදහන් කරයි.

ස්මාර්ට් " පික් පැක් " වෙළඳ ව්‍යාපාරයෙහි ගම්පහ ශාඛාව විවෘත කිරීම ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට ව්‍යාපාර සභාපති අනුර ජයසිංහ, එහි ප්‍රධාන විධායක රොෂාන් පනාවල, ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකාර කණිෂ්ක දෙනවක , ගම්පහ ශාඛා කළමනාකාර රොහාන් උදය කුමාර, රසිකා ඉලුක්කුඹුර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (1)

ස්මාර්ට් පික් පැක් නවතම ශාඛාව ගම්පහදී විවෘත වේ

රොමේෂ් නිරෝශන් පෙරේරා Thursday, 13 February 2025 05:09 PM

මුලදී සේවාව හොඳයි. දැන් කණගාටු දායකයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site