IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සම්පත් බැංකුවේ රු. බි. 10 ක ණයකර නිකුතුවට අධි දායකත්වයක්

භානුක අමරසිංහ


මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව ඊයේ (18) කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කළ රුපියල් බිලියන 10 ක් වටිනා ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඒ අනුව ඊයේ දිනයේදී ණයකර කොටස් මිලියන 100 කට අධික සංඛ්‍යාවක් සඳහා අයැදුම්පත්‍ර ලැබී තිබේ.
මෙහිදී බැංකුව මගින් බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, පිරිමුදවාගත හැකි පස් අවුරුදු (2025/30) ණයකර නිකුතුවක් ලෙස මෙම නිකුතුව සිදු කෙරිණි. 
ඒ යටතේ පළමු නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 50 ක් (50,000,000ක්) නිකුත් කෙරුණු අතර, ඊට ලැබුණු අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 20 ක් නිකුත් කර තිබේ. එසේම එම නිකුතුවට ද ලැබුණු අධි ඉල්ලු‍මක් සමගින් තවත් ණයකර කොටස් මිලියන 30 ක් නිකුත් කෙරී තිබිණි.



අදහස් (0)

සම්පත් බැංකුවේ රු. බි. 10 ක ණයකර නිකුතුවට අධි දායකත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site