භානුක අමරසිංහ
සම්පත් බැංකුව පසුගියදා කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කළ රුපියල් බිලියන 10 ක් වටිනා ණයකර නිකුතුව සඳහා සමස්ත ඉල්ලුම්පත්‍ර 119 ක් හරහා ණයකර කොටස් 138,710,000 ක් මිලදී ගැනීම සඳහා ඉල්ලුමක් ඉදිරිපත් වූ බව එම බැංකුව පවසයි. ඒ අනුව එහි වටිනාකම රුපියල් මිලියන 13,871 ක් (බිලියන 13.8 ක්) ලෙස සටහන්ව තිබේ.
එහිදී ඉල්ලුම්පත්‍ර 113 ක් චෙක්පත් සහ RTGS පියවීම් හරහා සිදුකළ ගෙවීම් ලෙස ඉදිරිපත්ව ඇති අතර, ණයකර කොටස් ප්‍රමාණය 92,960,000 කි. එහි වටිනාකම රුපියල් මිලියන 9,296 කි. එසේම බැංකු ඇපකර ගෙවීම් ලෙස ඉල්ලුම්පත්‍ර 06 ක් හරහා ණයකර කොටස් 42,750,000 ක් සඳහා ඉල්ලුම් කෙරී ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 4,575 කි. සම්පත් බැංකුව මගින් මූලික නිකුතුව ලෙස බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, පිරිමුදවා ගත හැකි පස් අවුරුදු ණයකර ලෙස ණයකර කොටස් මිලියන 50 ක් නිකුත් කෙරිණි.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සම්පත් බැංකුවේ බි. 10 ක ණයකර නිකුතුවට බි. 14 ක ඉල්ලුමක්