IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සම්පත් බැංකුවෙන් රු.බි. 10ක ණයකර නිකුතුවක්

භානුක අමරසිංහ 
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුවක් කිරීමට සූදානමින් සිටින බව පවසයි. 
මෙහිදී පළමු නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 50ක් (50,000,000ක්) නිකුත් කිරීම සැලසුම වී තිබේ. එහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 5 කි. මෙම ණයකර නිකුතුව සඳහා සියයට 11.75ක ස්ථාවර වාර්ෂික පොලියක් ගෙවන බවත් බැංකුව පවසයි. 
මෙම ණයකර නිකුතුව වෙත හිමිවන අධි ඉල්ලු‍මත් සමගින්ම තවත් ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කිරීමට සම්පත් බැංකුව අදහස් කරගෙන සිටියි. එසේම එම නිකුතුව වෙත ද අධි ඉල්ලු‍මක් හිමිවුවහොත් තවත් ණයකර කොටස් මිලියන 30ක් නිකුත් කරන බව බැංකුව පවසයි. 
ඒ අනුව මෙම නිකුතුව හරහා සිදු කරන සමස්ත ණයකර කොටස් සංඛ්‍යාව මිලියන 100 කි. එම නිකුතුවෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 10ක් ලෙස ගණන් බලා තිබේ. 

 



අදහස් (0)

සම්පත් බැංකුවෙන් රු.බි. 10ක ණයකර නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site