
නිවාස ණය ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වන HDFC බැංකුව විසින් සංවිධානය කරන ලද, සීමිත ඉඩකඩ සහිත පරිසරයේ වගාකිරීමේ තාක්ෂණික ක්‍රම සම්බන්ධ විශේෂ වැඩසටහන, Hyde park Corner ශාඛා පරිශ්‍රයේදී පසුගිය දිනක සාර්ථකව පැවැත්විණි.
HDFC බැංකුව මෙම කාර්යයට මුලපිරීමේ අරමුණ වූයේ, ඉදිරි කාලයේදී උද්ගත විය හැකි ආහාර හිඟයට සාර්ථකව මුහුණ දීමට අවැසි වටපිටාවක් සැකසීමට ශක්තියක් වීමයි. ඒ අනුව, නාගරික පරිසරය ඉලක්ක කරගනිමින් සීමිත ඉඩකඩක ඵලදායීව වගාකිරීමට අවශ්‍ය බීජ පැළ හා පොහොර පිළිබඳ දැනුම අවබෝධය ප්‍රජාවට ලබාදීම ප්‍රධාන අභිලාෂය විය. පුළුල් ප්‍රේක්ෂක පිරිසකට සම්බන්ධවීමට අවකාශ ලබාදෙමින් HDFC බැංකුවේ නිල Facebook පිටුව හා Youtube නාලිකාව හරහා වැඩසටහන විකාශය කෙරිණි.
මෙම විශේෂ අවස්ථාවට, HDFC බැංකුවේ සභාපතිනි වසන්ති මංචනායක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඒ.ජේ. අතුකෝරළ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනි සුදිශ්නා පෙරේරා, ප්‍රාදේශීය කළමනාකරු නිශාන්ත රණසිංහ, අලෙවිකරණ කළමණාරිනී දීපානි ප්‍රියංකා අපෝන්සු මහත්මිය, හයිඩ්පාර්ක් කෝනර් ශාඛා කළමනාකරු අමල් කිරිඇල්ල සහ ආරාධිතයන් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් කෘෂිකර්ම උපදේශක සමිත මදුසංඛ, නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ සමන්මලී ප්‍රනාන්දු, සහකාර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා සුභාෂිනී ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් සභාපතිනි වසන්ති මංචනායක මහත්මිය ප්‍රකාශ කළේ, ඔබගේ නිවසේ බැංකුව ලෙස, සියලු ලාංකීය ප්‍රජාවට උපකාර කිරීම සඳහා ඉදිරියේදී තවත් වැඩසටහන් තුළින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වන බවයි.
595

2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සීමිත ඉඩකඩක වගාකිරීමේ තාක්ෂණික ක්‍රම HDFC බැංකුවෙන්