IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සිපෙට්කෝ කෘමි නාශක නිෂ්පාදනයට ඇමතිගෙන් උපදෙස්

(විනීතා එම් ගමගේ)

සිපෙට්කෝ වෙළඳ නාමය යටතේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව අතීතයේ නිපද වූ කෘමි නාශක ඇතුළු නිෂ්පාදන නිපදවීම යළි අරඹන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ඛණිජ තෙල් නීති ගත සංස්ථාවේ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉතා උසස් ප‍්‍රමිතියෙන් යුතුව නිපදවනු ලැබූ කෘමි නාශක ඇතුළු කෘෂිකාර්මික යෙදවුම් ගොවි ජනතාව අතර ඉතා ජනප‍්‍රිය වූ නමුත් මීට දශක දෙකකට පමණ පෙර නතර කරනු ලැබීය.

සාධාරණ මිලකට ලබාගත හැකි ඉහළ ප‍්‍රමිතියෙන් යුත් කෘමි නාශඛ ඇතුළු නිෂ්පාදන යළි අරඹන්නැයි අමාත්‍යවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ සංස්ථාවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක දීය.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා ඛණීජ තෙල් ගබඩා සංකීර්ණය එක්ව නිපදවන විෂබිජහරණ දියර (Sanitizer) නව නිෂ්පාදනයක් වශයෙන් මේ වනවිට ඉතා ඉහළ ජනප‍්‍රියතාවයක් දිනාගෙන තිබේ.

මෙම නිෂ්පාදන හේතුවන් විදේශවලට ඇදී යන විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

 



අදහස් (2)

සිපෙට්කෝ කෘමි නාශක නිෂ්පාදනයට ඇමතිගෙන් උපදෙස්

rana Thursday, 28 May 2020 07:45 AM

අනේ අප්පෝ ඔය දොඩවිම නවත්වන්න... ඔහේ මක්කක් දෙඩෙව්වත් සිදු වුනේ නැහැනේ...

:       0       1

විජිත් Friday, 29 May 2020 06:02 PM

කෘමිනාශක පොවන්න ඕනෑ දියවන්නාවේ ඉන්න රට කාපු නරිරැළටම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site