හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛ වාණිජ වන වගා සමාගමක් වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අගාවුඞ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් පිරිනැමිය. එහිදී ආයෝජකයන් සඳහා ප්‍රතිලාභ අත් කර දෙමින් මුදල් පිරිනැමීමේ අවස්ථාව සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවට අගාවුඞ් වගාව හඳුන්වා දීමේ පුරෝගාමියා වන සදාහරිත සමාගම නෑබඩ ප්‍රදේශයේ සිය ප්‍රථම අගාවුඩ් වන වගා ව්‍යාපෘතිය සඳහා ආයෝජන සිදු කළ ආයෝජකයන්ගේ අගාවුඞ් අස්වනු මෙලෙස මිලදී ගෙන මුදල් ප්‍රතිලාභ පිරිනැමිය.
සදාහරිත සමූහ ව්‍යාපාරය ආයෝජකයන් 35,000ක් සමඟ අත්වැල් බැඳ ගනිමින් ඔවුන්ට ඉහළ වාණිජමය වටිනාකම් හිමිකර දෙමින් රටේ වනාන්තර ආවරණය සංරක්ෂණය කිරීමට සහය වී තිබේ. මීට වසර 7කට පෙර නෑබඩ අගාවුඞ් ව්‍යාපෘතියේ ආයෝජන සිදු කළ ආයෝජකයන්ට ගිවිසුම් ප්‍රකාරව අගාවුඞ් ශාකයක් සඳහා සමාගම පොරොන්දු වූ රු 25,000ක වටිනාකම දෙගුණ කරමින් රු 50,000ක ඉහළ වටිනාකමක් පිරිනැමිය. එම වටිනාකම බැංකු පොලී අනුපාතය සමඟ ගත් කල සියයට 22.4%ක ඉහළ වාර්ෂික ප්‍රතිලාභ හිමිකර දීමක් බව එම සමාගම සඳහන් කරයි.
ලෝක වෙළඳපොළ හැසිරීම පිළිබඳව සිදු කරන ලද ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා සලකා බැලීමේදී ඉදිරි වසර 10 තුළ ලෝක අගාවුඞ් වෙළඳපොලේ ඉදිරි පෙලේ සමාගම 10 අතරට සදාහරිත වැවිලි සමාගම ද නම් කර ඇතැයි එම සමාගම සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය උල්පතක් බඳු අගාවුඞ් වන වගාව හදුන්වා දීමේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා, සදාහරිත හා අත්වැල් බැඳගත් ආයෝජකයන්ට සිය ප්‍රතිලාභ හිමිකර දෙන අවස්ථාවේ මෙලෙස ප්‍රකාශ කළේය. “අද දිනය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් දිනයක් බවට පත් කරමින් නිත්‍යානුකුල අගාවුඩ් ආයෝජකයන්ගේ අස්වැන්න මිලදී ගෙන ඔවුන්ට බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළ ප්‍රතිලාභ හිමිකරදීමට හැකිවීම පිළිබඳව මා බෙහෙවින්ම සතුටු වනවා. ජේමිස් ටේලර් ශ්‍රී ලංකාවට තේ වගාව හදුන්වා දුන්නා සේම ශ්‍රී ලංකාවට අගාවුඞ් හඳුන්වා දීමේ පුරෝගාමියා විමේ ගෞරවය අප සතු වීම පිළිබදව අපි නිහතමානීව සතුටු වනවා. අගාවුඩ් හඳුන්වා දීම හරහා රටට විදේශ විනිමය ගෙන දීමත්, දේශීය ආයෝජකයන් ශක්තිමත් කිරීමත්, සොබා දහමේ ආරක්ෂාවත් අපි නිසි අයුරින් දිගුකාලීනව සැලසුම් කරන ලද්දක්. සමාගමක් ලෙස ගනුදෙනුකරුවන්ට හොඳම දේ ලබා දිය යුතු බව මා විශ්වාස කරනවා. ඒ කෙරෙහි වසර 19ක් පුරා අපගේ ගනුදෙනුකරුවන් විශ්වාසය තබා තිබෙනවා.”
ඡායා - සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතාගේ සුරතින් අගාවුඞ් ආයෝජකයන්ට මුදල් පිරිනමන අවස්ථාව.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සදාහරිත සමාගමෙන් පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ
Nishshanka Silva Sunday, 29 August 2021 04:39 PM
මෙම ව්‍යාපෘතිය ආයෝඡනය කිරීම සඳහා මම විස්තර ලබා ගන්නේ කෙසේද?