IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සංචාරක ව්‍යාපාරය නංවන්න කෝටි 16 කට වැඩි ප්‍රතිපාදන

( තිළිණි ද සිල්වා )

මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ඉදිරි මාස 4ක කාලයට රුපියල් කෝටි 16 කට වැඩි ප්‍රතිපාදන වෙන් කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ සඳහා කෙටිකාලීන ක්‍රියාකාරී සැලැස්මක් දැනටමත් සකස් කර ඇති අතර ඒ යටතේ කුරුණෑගල, මාතලේ, මන්නාරම, මහනුවර, අම්පාර, බදුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්ක හඳුනාගත් ආකර්ෂණීය ස්ථාන 12 ක් සංවර්ධනය කරන බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඊට අමතරව ප්‍රජා සත්කාරක සංචාරක ගම්මාන සංවර්ධන කටයුතු සදහා ද රජය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ඒ අනුව මෙදේරිපිටිය, හීල් ඔය, ඇටන්වල, බෝඹුරු ඇල්ල, හීලෝගම යන ගම්මානවල සංචාරක  සංවර්ධන ව්‍යාපෘති මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සංචාරක අමාත්‍යවරයා පැවසීය.

මෙම ගම්මාන විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීම සදහා වෙන් වෙන් වශයෙන් එම ගම්මාන වලට වෙබ් අඩවි නිර්මාණය කිරීමට ද පියවර ගනිමින් පවතී.

සංචාරක ව්‍යාපාරය නංවාලීම මෙම වැඩපිළිවෙළ යටතේ දිවයිනේ දුම්රිය ස්ථාන සංචාරක ආකර්ෂණය සදහා දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මීගමුව, මහනුවර හා කළුතර දුම්රිය ස්ථාන නවීකරණය කිරීමට ද පියවර ගෙන ඇති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

මෙම ව්‍යාපෘතිය යටතේ දැනටමත් ඇල්ල, හැටන්, ගාල්ල, බෙන්තොට, උණවටුන වැනි දුම්රිය ස්ථාන නවීකරණය කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු අධීක්ෂණය යටතේ පවතින මන්නාරම, කල්පිටිය හා මඩකලපුව යන පැරණි බලකොටු තුන සංවර්ධනය කිරීමට ද රජය ප්‍රතිපාදන වෙන් කර ඇතැයි  සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.



අදහස් (0)

සංචාරක ව්‍යාපාරය නංවන්න කෝටි 16 කට වැඩි ප්‍රතිපාදන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 150 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 46 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site