( තිළිණි ද සිල්වා )
සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු වසරක කාලයක් සදහා අය නොකිරීමට එම අධිකාරිය අද (13) තීරණය කර ඇත.
ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ නවාතැන් පහසුකම් ලබා දෙන ආයතන 2700 ක් පමණ සහ සංචාරක මග පෙන්වන්නන්ගේ ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ විවිධ සේවා සපයන පුද්ගලයින් 5400 ක් පමණ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිචි වී සිටින අතර එම පුද්ගලයින් සදහා මෙම සහනය හිමිවන බවද එම අධිකාරිය කියා සිටී.
සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවද සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කර සිටී.
ඒ අනුව දැනටමත් අදාල ගාස්තුව ගෙවා ඇති අය හා ආයතන ලබන වසරේ දි එම ගාස්තුවෙන් නිදහස් කෙරෙන අතර තවමත් මේ වසර සදහා අදාල ලියාපදිංචිය අලුත් කර නොමැති පුද්ගලයින් හා ආයතන වලට ගාස්තු ගෙවීමකින් තොරව ලියාපදිංචිය අලුත් කර ගැනීමට හැකියා ලැබෙන බව සංචාරක අධිකාරිය කියා සිටී.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවුවන්ට සහන සැලසීමේ කෙටි කාලීන වැඩ පිලිවෙලේ එක් පියවරක් ලෙස මෙම තීරණයට ගත් බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා කියා සිටී.
මේ අතර කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය නැංවිම සදහා වන යෝජනා ඉදිරිපත් කර ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනීය ඊට සම්බන්ධ සංවිධාන 34 කට ලිඛිතව දැනුම් දී තිබේ.
එමෙන්ම පළාත් සභාවල සංචාරක අමාත්‍යංශය හා සංචාරක ක්ශේත්‍රය සම්බන්ධ අධ්‍යාපන කටයුතු සිදු කරන විශ්ව විද්‍යාලය අංශ ප්‍රධානීන්ගෙන්ද මීට අදාල යෝජනා ඉල්ලා තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් ලියාපදිංචි වන අයටද යම් සහනයක් ලබා දෙන්න