IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සංචාරකයන්ට VAT බදු ආපසු ගෙවන අලෙවි සල් ලැයිස්තුව නිකුත් කෙරේ


භානුක අමරසිංහ


මෙරටට පැමිණෙන සංචාරකයන් මිලදී ගන්නා භාණ්ඩ සඳහා අය කෙරෙන අගය මත එකතු කළ බදු (VAT) ආපසු හිමිකර ගැනීමේ පහසුකම සහිත බලයලත් අලෙවිසල් ලැයිස්තුවක් නිතුත් කරන්නට ශ්‍රී ලංකා ආදායම් බදු දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. 

සංචාරකයන් සඳහා අදාළ VAT බදු ආපසු ගෙවීම සඳහා වන පහසුකම වෙනුවෙන් ලියාපදිංචි වන ලෙස එම දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමට අනුව ලියාපදිංචි වූ අලෙවි සල් මෙලෙස ප්‍රසිද්ධ කර තිබේ. මෙහිදී එම අලෙවි සල් හිමි සමාගමට අදාළ TIN අංකයක් සහ අලෙවිසල් ශාඛා සඳහා වන ලියාපදිංචි අංකයක් සහිතව එම ලැයිස්තුව සකස් කර තිබේ.

ඒ අනුව වෝග් ජුවලර්ස් පෞද්ගලික සමාගම, වැල්ලවත්ත නිත්‍යකල්‍යානි ජුවලරි සමාගම,TIESH By Lakmini Kandy සහ TIESH By Lakmini යන සමාගම්, Premadasa & Co (Jewellers) Ltd සමාගම, Sifani Jewellers (Pvt) Ltd සමාගම, Odel Plc, Cotton Collection (Pvt) Ltd, Softlogic Brands (Pvt) Ltd, Devi Jewellers (Pvt) Ltd, The Island Watch Company (Pvt) Limited, A.M.A.Careem Jewellers (Pvt) Ltd, Colombo Jewellery Stores (Pvt) Ltd, E.W.Balasooriya & Company (Pvt) Ltd, Raja Jewellers (Pvt) Ltd, Gamini Gem And Jewellery (Pvt) Ltd, Lalitha Jewellery Mart (Pvt) Ltd, Sathies Jewellery (Pvt) Ltd, A M Salie (Pvt) Ltd, Zam Gems (Pvt) Ltd, Akbar Brothers (Pvt) Ltd, Prasanna Gem Centre (Pvt) Ltd, Oak Ray Gems & Jewellers (Pvt) Ltd, Ishini Gems & Jewellers (Pvt) Ltd, Ravi Jewellers (Pvt) Ltd, Ibrahim Jewellers, Laksana Shopping Centre, Premadasas Gems & Jewellery (Pvt) Ltd, Amith Gems (Pvt) Ltd, D.B.Enterprise (Pvt) Ltd, Unique Jewels (Pvt) Ltd.

Opanima Gems And Jewellery (Pvt) Ltd, Pure Gem And Jewellery (Pvt)Ltd, Future world Lanka (Pvt) Ltd, Vision Care Optical Services (Pvt) Ltd, J A De Silva And Company (Pvt)Ltd සහ Mallika Hemachandra Jewellers (Pvt) Ltd  එම අලෙවිසැල් වෙයි.

එම දෙපාර්තමේන්තුවට අනුව මෙම VAT බදු ආපසු හිමිකර ගැනීමේ පහසුකම ලබා ගැනීම සඳහා සංචාරකයන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සහ ශ්‍රී ලංකාවේ නේවාසිකයන් නොවිය යුතුය. එසේම ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් නිකුත් කරන සංචාරක වීසා බලපත්‍රයක් තිබිය යුතුය. අදාළ සංචාරකයාගේ වයස අවුරුදු 18 අඩු නොවීම මෙන්ම අදාළ VAT බදු ආපසු අගය කරගන්නා දිනය වනවිට මෙරට තුළ දින නවයක් රැඳී සිටිය යුතුව ඇත.

මේ අතර අදාළ VAT බදු ආපසු හිමි කරගැනීමේ පහසුකම වෙනුවෙන් සංචාරකයන් මෙවැනි බලයලත් අලෙවිසැල් හරහා අවම වශයෙන් රුපියල් 50,000ක් වටිනා භාණ්ඩ (VAT බදු ඇතුළත් නොවන) මිලදී ගත යුතුව ඇත. 

එහිදී එකම අලෙවිසැල මගින් එකම දිනයකදී නිකුත් කරන ඉන්වොයිස් පත්‍ර උපරිම තුනක් සඳහා මෙම VAT ආපසු ගෙවීම සිදු කරන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



අදහස් (0)

සංචාරකයන්ට VAT බදු ආපසු ගෙවන අලෙවි සල් ලැයිස්තුව නිකුත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30561 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12561 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10907 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 794 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site