IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සිංගර් ශ්‍රී ලංකා ශ්‍රේණිගතකිරීම AA-(lka) මට්ටමේම

භානුක අමරසිංහ 


ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය, සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී සමාගමේ ජාතික දිගු-කාලීන ශ්‍රේණිගත කිරීම දැනට පවතින AA(lka) මට්ටමේම තවදුරටත් පවත්වාගෙන යන බව පවසයි. 

සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී සමාගම සතු සිල්ලර වෙළෙඳ සැල් සහ බෙදාහැරිමේ ජාලය මෙන්ම වඩාත් ස්ථාවර වූ සන්නාම හේතුවෙන් ඇති කරගෙන තිබෙන ශක්තිමත් වෙළෙඳ පොළ තත්වය ඊට හේතුව බව එම ආයතනය සඳහන් කරයි. 

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම හේලීස් සමූහයට අයත් සමාගමක් වන අතර අද වනවිට මෙරට කල්පවතින පාරිභෝගික භාණ්ඩ අංශයේ පළමු තැන පසුවෙයි. එසේම ආසන්න වසර කිහිපයේදී එම සමාගමේ කුඩා තරගකරුවන් අසීරුතාවලට මුහුණ දීම හෝ තරගයෙන් ඉවත්වීමත් එම සමාගමට වාසියක් වී තිබේ. 

“2025 මාර්තු මාසයෙන් අවසන් වන මූල්‍ය වර්ෂයේදී සිංගර් සමාගමේ ආදායම සියයට 18කින් ඉහළ යනු ඇතැයි ෆිච් බලාපොරොත්තු වෙනවා. එහිදී අලෙවි පරිමාවේ සිදුවන ඉහළ යාම ඊට හේතු වනු ඇති.“ එම ආයතනය පවසයි. 

එසේම 2025-2026 කාලයේදී ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය සියයට 3.5ක සාමාන්‍යයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව පෙන්වා දෙන ෆිච් රේටින්ග්ස් ආයතනය, ඒ හරහා ඉදිරි මාස 12-18 කාලයේදී රටේ පාරිභෝගික භාණ්ඩ සඳහා වන ඉල්ලු‍ම ඉහළ යාමක් සිදු වනු ඇතැයිද පවසයි. 



අදහස් (0)

සිංගර් ශ්‍රී ලංකා ශ්‍රේණිගතකිරීම AA-(lka) මට්ටමේම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site