විමුක්ති එස් රුද්‍රිගු
ජර්මනියේ බර්ලින් නුවරදී පසුගියදා පැවැති ලොව විශාලතම සංචාරක වෙළෙඳ ප්‍රදර්ශනය වන අයි.ටී.බී හිදී කීර්තිමත් හරිත ගමනාන්ත සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගැනීමට සීගිරිය සමත් වූවේය.
ලබාගත් ජයග්‍රහණය පිළිගනිමින් අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ තිරසාර සංචාරක ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාවේ නොසැලෙන කැපවීම ලැබූ ජයග්‍රහණය පෙන්නුම් කර බවයි. ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ සීගිරිය, හුදෙක් පර්වතයක් පමණක් නොව, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. සීගිරියේ ඇති සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක වටිනාකම හේතුවෙන් එය නිරන්තරයෙන් අගය කිරීමට ලක්වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සීගිරිය වටා ඇති වනාන්තරය සහ වන අලීන් හේතුවෙන් සීගිරිය සංචාරකයන් අතර ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත්වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.
අයි.ටී.බී සංචාරක වෙළෙඳ ප්‍රදර්ශනය පසුගිය 4 සිට 6 වැනිදා දක්වා ජර්මනියේ බර්ලින් නුවරදී පැවැත්වුණු අතර එයට ලොව පුරා සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරන 24,000 කට වැඩි පිරිසක් සහභාගී වූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සීගිරියට හරිත ගමනාන්ත සම්මානයක්