IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සිංගප්පූරුව - ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම තවමත් විමර්ශනයේ - නීතිපති කියයි

( තිළිණි ද සිල්වා සහ  රංජන් කටුගම්පොළ )

පසුගිය රජය විසින් සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කර ඇති  නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව තවදුරටත්  විමර්ශනය කරමින් සිටින බව නීතීපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13) දැනුම් දෙන ලදී.

එම ගිවිසුම යළි සලකා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුවට ඉකුත් දිනවල රටේ උද්ගත වූ තත්ත්වය මත එම ගිවිසුමේ ගැන අධ්‍යයන කටයුතු වල යම් පමාවක් සිදු වූ බවත් , එම අධ්‍යයන කටයුතු අවසන් කිරීම සදහා කල් ලබා දෙන්නැයි නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී.

රජයේ නීතීඥවරයා මේ බව දැනුම් දුන්නේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කර ඇති  නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මව්බිම ලංකා පදනම , ශ්‍රී ලංකා නීතීඥ සංගමය , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පිරිසක් ගොනු කර ඇති පෙත්සම් හතක් ඊයේ අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

එම පෙත්සම්  ප්‍රියන්ත ජයවර්ධන සහ යසන්ත කෝදාගොඩ  යන මහත්වරුන්ගෙන් යුතු මහත්ම විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (13) කැඳවිණි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතීපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ නිරන්ජන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය  අත්සන් කර ඇති එම නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව වත්මන් රජය නැවත විමර්ශනය කිරීමට තීන්දු කර ඇති බවය.එම නැවත විමර්ශන කටයුතු සඳහා  සිදු කරන කමිටුව තවදුරටත් එහි අන්තර්ගත කරුණු පිලිබද තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවද රජයේ නීතීඥවරයා කියා සිටියේය.

එම කරුණු සැලකිල්ලට ගත්  විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් ලබන ⁣නොවැම්බර් 03 වැනිදා යළි කැඳවීමට නියම කළ අතර එදිනට එම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද නීතීපතිවරයාට දැනුම් දුන්නේය.
මව්බිම ලංකා පදනම , ශ්‍රී ලංකා නීතීඥ සංගමය , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු අට දෙනෙකු  විසින් ගොනු කර ඇති මෙම පෙත්සම්හී වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකවරු සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය හා සිංගප්පූරු රජය විසින් අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවය. සිය පෙත්සම මගින් පෙත්සම්කරුවන් පෙන්වාදෙන්නේ එම  නිදහස් වෙළඳ ගිවිසුම තුළින් සිංගප්පූරු ජාතික වෘත්තීයවේදින්ට නිදහසේ ශ්‍රී ලංකාව තුළට පැමිණ වෘත්තීය කටයුතු වල නිරත වීමට අවශ්‍ය අවකාශ සැලසෙන බවය.මෙම ගිවිසුමෙන් ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන්ට ලැබෙන වාසි ඉතාම අල්ප බව ද ඔවූහු පෙන්වා දෙති.මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් මෙරට වෛද්‍ය, ඉංජිනේරු, නීති, මිනින්දෝරු ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීයවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට දැඩි බාධාවක් සිදුවිය හැකි බව පෙත්සම්කරුවෝ කියාසිටිති.

මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර රජය ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් නිසි අනුමැතියක් ලබාගෙන නොමැති බවත් එම ගිවිසුමේ අඩංගු ප්‍රතිපාදන මෙරට ස්වෛරීභාවයට මෙන්ම ආර්ථිකයට හා වෘත්තීය කටයුතුවලට දැඩි හානියක් එල්ල කරන බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

මේ හේතුවෙන් අදාළ ගිවිසුමේ අන්තර්ගත ප්‍රතිපාදන මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එම ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය. නීතීපති වෙනුවෙන් රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.



අදහස් (1)

සිංගප්පූරුව - ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම තවමත් විමර්ශනයේ - නීතිපති කියයි

nanadana Monday, 13 July 2020 11:08 AM

සිංගප්පූරුව, ඇමෙරිකාව හෝ වෙනයම් රටවල් සමග ඇතිවන වෙළඳ ගිවිසුම්වලින් වන්නේ ලංකාවේ නිෂ්පාදනවලට ඒ රටවල වෙළඳපල විවෘතවීම සහ විදේශ ආයෝජන රටට ගලා ඒමට සැලැස්වීමයි. මෙයින් සිදුවන්නේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා වැඩිවීමයි. මෙහිදී අප පිළිගත යුතු යථාර්තයක් නම් මෙවැනි ගිවිසුම්වලදී ඒවායේ සියලු ප්‍රතිලාභ කිසිවිටක එකම පාර්ශවයකට නොලැබෙන අතර, සාමාන්‍යයෙන් සිදුවන්නේ ඒවා දෙපාර්ශවය අතර බෙදීයාමකි. මෙවැනි දේට විරුද්ධ වන ලංකාවේ වෘත්තික සංගම්වලට සත්‍ය වශයෙන්ම ඇත්තේ තව කෙනෙකු සමග තරග කිරීමට ඇති බියයි. රජයක් කළ යුත්තේ මෙවැනි පටු අදහස් දරන්නන් නොසලකා, රටේ පොදු යහපත තකා හැකිතාක් ජාත්‍යන්තරය ප්‍රජාව සමග එකතුවී කටයුතු කිරීමයි.

:       0       97

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 14 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 861 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site