ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමයක් වන Signature, එක්සත් රාජධානියේ බර්මින්හැම් හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා රග්බි පිරිමි සහ කාන්තා ජාතික සත් සාමාජික කණ්ඩායම්වල ක්‍රීඩා “නිල ඇඳුම් සහකරු” ලෙසින් අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත්ව සිටී.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මේ වන විටත් ජාතික රග්බි තේරීම් කමිටුව විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනකුගෙන් යුත් සංචිතයක් තෝරා පත් කර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ අංක 1 පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා විසින් සැමට දැරිය හැකි මිල ගණන් යටතේ ගුණාත්මක පිරිමි ඇඟලුම් පාරිභෝගිකයන් හට ලබාදීම සඳහා 1990 දී Signature සන්නාමය ශ්‍රී ලාංකේය වෙළඳපොළට හඳුන්වා දෙන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Signature සන්නාම කළමනාකරු අම්ජාඩ් මරික්කාර් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“ශ්‍රී ලාංකීය තරුණයන් අතර වඩාත් ප්‍රචලිත පිරිමි ඇඳුම් සන්නාමය ලෙසින් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා රග්බි සංචිතයේ “නිල ඇඳුම් සහකරු” වීමට ලැබීම ගැන අපි ආඩම්බර වනවා. මෙම තරඟ ඉසව්ව අපගේ රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ශක්තිය සහ හැකියාව ලොවටම ප්‍රදර්ශනය කිරීමට කදිම අවස්ථාවක් ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා. අපගේ රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහයෝගය දැක්වීමට ලැබීම ගැන අප ආයතනය ආඩම්බර වන අතර ඔවුන්ට තරගාවලියේ ජයග්‍රහණය කරා යෑමට සුභ පැතුම් එක්කරනවා.”
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිග්නේචර් රග්බි බල ගන්වයි