ජුලි මාසය අවසන් වනවිට මෙරට සමස්ත සක්‍රීය ණය කාඞ්පත් සංඛ්‍යාව 2,088,069 ක්
විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාවලට අනුව පසුගිය ජූලි මාසයේදී මෙරට සක්‍රීය ණය කාඞ්පත් සංඛ්‍යාව 12325 කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව පසුගිය ජූලි මාසය අවසන් වනවිට මෙරට සමස්ත සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,088,069 ක් ලෙස සටහන් විය.
පසුගිය ජුනි මාසයේදී මෙරට සමස්ත සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,075,744 ක් ලෙස සඳහන් වූවේය. එසේම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,008,456 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය ජූලි මාසය අවසානයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 79613 කින් ඉහළ ගොස් ඇත.
පසුගිය වසරේදී සමස්තයක් ලෙස මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 91,371 කින් වර්ධනය වී තිබූ අතර වත්මන් ප්‍රවණතාව අනුව එම ගණන මෙම වසරේදී බොහෝ දුරට පසුකර යාමට ඉඩ තිබේ.
මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව ඉහළ යාමත් සමග පසුගිය ජූලි මාසය අවසන් වනවිට සක්‍රීය ණය කාඩ්පත්වල ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් මිලියන 161,282 ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය ජුනි මාසයේදී සක්‍රීය ණය කාඩ්පත් සඳහා ගෙවීමට තිබූ හිඟ මුදල රුපියල් මිලියන 160,909 ක් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය ජූලි මාසය අවසන් වනවිට සක්‍රීය ණය කාඩ්පත් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් මිලියන 373 කින් වර්ධනය වී තිබේ.
එසේම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට සමස්ත සක්‍රීය ණය කාඩ්පත්වල ගෙවීමට තිබූ හිඟ මුදල රුපියල් මිලියන 157,957 ක් ලෙස සටහන් වී තිබූණි.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 12325 කින් ඉහළ ගිහින්