නවෝද්‍යා පවනි
වෙළඳපොළ අවස්ථා වැඩි වශයෙන් විවෘත කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ රටේ නිෂ්පාදන අංශයේ විදේශ ආයෝජන සඳහා ඇති සියලු සීමාවන් ඉවත් කිරීම සඳහා චීනය අඛණ්ඩව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව චීන අග්‍රාමාත්‍ය Li Qiang පවසයි.
ඔහු මේ බව පැවසුවේ හයවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ (CIIE) සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි. මෙම ප්‍රදර්ශනයෙහි ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටියක් ද ඇති අතර, එහි මෙරට තේ ප්‍රචලිත කිරීම වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කර තිබෙනු දක්නට ලැබුණි. එසේම මෙම කුටියට චීන ජාතිකයන්ගේ විශේෂ උනන්දුවක්ද ඇති බව පෙනුනි.
ෂැංහයි හි පැවති මෙම උත්සවය අමතමින් ලී පැවසුවේ බිලියන 1.4 කට වැඩි ජනගහනයක් සහ මිලියන 400 කට අධික මධ්‍යම ආදායම්ලාභී පිරිසක් සිටින චීනය වෙළඳපල ඉල්ලුම අනුව විශාල විභවයක් ඉදිරිපත් කරන බවත්, චීනය සිය වෙළෙදපළ අවස්ථා සෙසු රටවල් සමග බෙදා ගැනීමට කැමැත්තෙන් සිටින බවයි. එසේම ඉදිරි වසර පහ තුළ චීනයේ භාණ්ඩ හා සේවා ආනයනය සමුච්චිත වශයෙන් ඩොලර් ට්‍රිලියන 17 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
“ලෝකයේ අනෙකුත් රටවල් සමඟ කටයුතු කිරීමටත්, හමුවී සාකච්ඡා කිරීමටත්, විවෘත වේදිකාවක දී අන්‍යෝන්‍ය ජයග්‍රහණ අත්කර ගැනීමටත් චීනය අවංකවම බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ද චීන අගමැතිවරයා මෙහිදී පවසා තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ෂැංහයි නුවර ප්‍රදර්ශනයේ ‘සිලෝන් ටී’