ගුවන් සේවය හා පාරිභෝගිකයන් අතර සන්නිවේදනය වැඩි දියුණු කිරීමක්
ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් කෘතිම බුද්ධි තාක්ෂණයෙන් (AI) බලාත්මක සිය පාරිභෝගික සේවා chatbot පහසුකම වන (AI) හඳුන්වා දී තිබේ. කෘතිම බුද්ධි තාක්ෂණය (AI) සහ ස්වභාවික භාෂා සැකසුම් (NLP) උසස් තාක්ෂණය භාවිත කිරීමෙන් ගුවන් සේවය සහ පාරිභෝගිකයන් අතර සබඳතාව කාර්යක්ෂමව වැඩි දියුණු කිරීම හා පාරිභෝගික විමසීම් සඳහා වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම මෙහි අරමුණයි.
CodeGen International (Pvt) Ltd සමඟ සහයෝගයෙන් සංවර්ධනය කරන ලද ‘Yaana’, පාරිභෝගික විමසීම් සඳහා කාර්යක්ෂමව හා නිවැරදි ලෙස ප්‍රතිචාර දැක්වීමට සමත් වේ.
‘Yaana’ යනු ‘GPT-4’‘ තාක්‍ෂණයෙන් බල ගැන්වෙන කෘතිම බුද්ධි තාක්ෂණය මගින් (AI) ක්‍රියාත්මක පාරිභෝගික සේවා සපයන විශේෂාංගයක්. මෙමඟින් ගුවන් සේවය හා පාරිභෝගිකයන් අතර සන්නිවේදනය වැඩි දියුණු කිරීමට සහ පාරිභෝගික විමසීම් කාර්යක්ෂමව විසඳීමට හැකියාව ලැබෙනවා. මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදයෙන් නිවැරදි සහ යාවත්කාලීන ප්‍රතිචාර ලබා දීම සඳහා නවීනතම කෘතිම බුද්ධි තාක්ෂණික අංග භාවිත කෙරේ. ඒ අනුව යාවත්කාලීන ගුවන් ගමන් කාලසටහන ඇතුළුව මගීන්ට අවශ්‍ය සියලු තොරතුරු නිවැරදිව සහ විශ්වසනීයව ලැබෙන බවට ‘Yaana’ සහතික කරයි.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමූහ තොරතුරු තාක්ෂණ ප්‍රධානී චාමර පෙරේරා මහතා පැවසී ය.
‘Yaana’ ඉතා කෙටි කාලයකදී පාරිභෝගික විමසීම් 12,000 කට අධික ගණනක් කැපී පෙනෙන කාර්යක්‍ෂමතාවකින් හසුරුවා ඇති අතර, ඉන් සියයට 88ක් ස්වයංක්‍රීයව විසඳා තිබෙනවා. තවද, එහි ඉහළ මෙහෙයුම් ධාරිතාව හේතුවෙන්, ‘Yaana’ විසින් වර්තමාන විමසීම් ප්‍රමාණය මෙන් පස් ගුණයක් නුදුරේදී හසුරුවනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ගුවන් මෙහෙයුම්හී සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු ලබාදීම ඇතුළුව පැය 24/7 පුරා ක්‍රියාත්මක ‘Yaana’ පාරිභෝගික සේවා විශේෂාංගය මඟින් අපගේ ගුවන් මගීන් සඳහා වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකියාව ලැබෙනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසී ය.
ගුවන් සේවා කර්මාන්තයේ සුලභ සිදුවීමක් වන අනපේක්ෂිත ප්‍රමාදවීම් සහ අවලංගුවීම් වැනි අවස්ථාවලදී කෘතිම බුද්ධි තාක්ෂණය මගින්(AI) ක්‍රියාත්මක වන පාරිභෝගික සේවා chatbot පහසුකම මඟින් කිසිදු බාධාවකින් තොරව මඟීන් වෙත නිවැරදි තොරතුරු එම අවස්ථාවේදීම ලබා දීමට හැකියාව ලැබෙනවා. ‘Yaana’ සතුව බහුභාෂා හැකියාව ද ඇති අතර, ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගෝලීය පාරිභෝගිකයන් වෙත අවහිරතාවකින් තොරව ප්‍රවේශ විය හැකිය.
2025 නොවැම්බර් මස 21
274
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
316
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1245
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් AI තාක්ෂණයෙන් බලගැන්වූ ‘Yaana’ හමුවන්න Chatbot විශේෂාංගය