IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ කවුන්සිලයෙන් විශේෂ සැසියක්

සමස්ත සෙරමික් කර්මාන්තය ආශ්‍රිතව සම්මුතියක් ගොඩනැංවීම සඳහා වන ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය (SLCGC) විසින් මෙරට නාන කාමර උපාංග ක්ෂේත්‍රයේ  ගුණාත්මකභාවය, දැරිය හැකි මිල සහ විශ්වාසය ගොඩනැංවීම වෙනුවෙන් විද්වත් සාකච්ඡාවක් පසුගියදා සංවිධානය කරන ලදී.

මෙම සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මහතා සහභාගි වූ අතර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති රෝහණ විජේසේකර, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම, ලංකා මිනරල් ඇන්ඩ් කෙමිකල් (පෞද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මානවචන්ද්‍ර බෝපිටිය, රෝයල් සෙරමික්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අරවින්ද පෙරේරා සහ RSL සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය නිශාන්ත නානායක්කාර යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය විසින් දේශීය නාන කාමර උපාංග ක්ෂේත්‍රය පිළිබඳව අදහස් දක්වමින් අවධාරණය කළේ බහුතරයක් ශ්‍රී ලාංකිකයන් තවමත් විශ්වාස කරන්නේ රට තුළ පවතින්නේ නාන කාමර උපාංග ආශ්‍රිත සන්නාම 1 ක් හෝ 2 ක් පමණක් වන බවයි.  වර්තමානය වන විට මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව සුළු, මධ්‍යම හා මහා පරිමාණ නාන කාමර උපාංග නිෂ්පාදකයන් 8කට වැඩි සංඛ්‍යාවක් සේවා සපයන බවත්, ඔවුන් හට විවිධ මිල ගණන්වලට මෙන්ම විවිධ තත්ත්වයන්ට  අනුකූලව මෙරට වෙළෙඳපොළ වෙත නිෂ්පාදන සැපයීමේ හැකියාව පවතින බවත් එහි දී සඳහන් කෙරිණි.

කොරෝනා වසංගතය මෙන්ම වර්තමාන ආර්ථික අර්බුදය නිසා දේශීය නාන කාමර උපාංග නිෂ්පාදන ක්ෂේත්‍රය වෙත එල්ල වී ඇති අභියෝග පිළිබඳව ද මෙම සැසියේ දී සාකච්ඡා කෙරුණු අතර, 2020 වසරේ මුල් භාගයේ දී, නාන කාමර උපාංග සඳහා රට තුළ පැවති ඉල්ලු‍ම සපුරාලීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොතිබුණු බවත්, ආනයන සීමා කිරීම නිසා මෙම කර්මාන්තයට ද විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් එහි දී අනාවරණය කෙරිණි.

595



අදහස් (0)

ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ කවුන්සිලයෙන් විශේෂ සැසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 344 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site