ශ්‍රී ලංකාව සහ සිම්බාම්බ්වේ අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් සමාගමක් වන ස්ටැෆර්ඞ් ගාමන්ට්ස් පුද්ගලික සමාගම ඉදිරිපත්ව සිටී. ‘රිබොන්’ වෙළෙඳ නාමය සමගින් ඔවුන් මෙම අනුග්‍රාහකත්වය දරනු ඇත.

එක්දින තරග පහකින් සහ ටෙස්ට් තරගයකින් සමන්විත වන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලියේ එක්දින තරග දෙකක් ගාල්ලේදී පැවැත්විණ. තවත් එක්දින තරග 3 ක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

රිබොන් නිෂ්පාදන මේ වන විට පාකිස්ථානයේ, ඉන්දියාවේ සහ මාලදිවයිනේ වෙළෙඳ පොල සමගද අත්වැල් බැඳගෙන ඇති අතර 2017 වසරේදී තවත් ගෝලීය සම්බන්ධතා රැසක්ම ස්ථාපනය කිරීමට ස්ටැෆර්ඞ් ගාමන්ට්ස් පුද්ගලික සමාගම අපේක්ෂා කරයි. පසුගිය වසර පහ පුරාම ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමට නිල ඇදුම් සපයන ලද්දේද ‘රිබොන්’ නිෂ්පාදකයන් වන ස්ටැෆර්ඞ් ගාමන්ට්ස් පුද්ගලික සමාගමයි.

ස්ටැෆර්ඩ් ගාමන්ට්ස් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ ශකීර් හෆීස් මහතා ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුසලානය සමගින්