IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට

( ටී.කේ.ජී.කපිල )

ලොව පුරා ගුවන් මගී ප්‍රවාහන සේවා අඩාල වීමත් සමග , ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත පිවිසී සිටී .

ඒ අනුව චීනයේ බෙයිජිං නුවර සිට දකුණු අප්‍රිකාවේ , ජොහැන්ස්බර්ග් නුවර ඕ.ආර්.තම්බෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මෙට්‍රික් ටොන් 45 ක බරකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් භාණ්ඩ තොගයක් 13 වැනිදා   එකවර ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනක් යොදා ගනිමින් රැගෙන ගොස් තිබේ .

මෙම ගුවන් යානා අද (14 ) දින උදෑසන යළිත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මූලස්ථානය වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එම අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් අතර , ආරක්ෂිත මුහුණු ආවරණය මිලියන 07 ක් සහ තවත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ විය .

මේ ආකාරයට ගුවන් මගී ප්‍රවාහන සේවා බිද වැටීමෙන් පසුව , ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනයේ බෙයිජිං නුවර සිට දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර වෙත තුන් වරක් සිය ගුවන් මෙහෙයුම් සිදු කර තිබේ .



අදහස් (4)

ශ්‍රී ලංකා ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට

Nandalal DE SILVA - France Thursday, 14 May 2020 01:23 PM

ඔව්, ඉතින් කටුනායක කොට උඩ තියන් ඉන්නවට වඩා බඩු ඇදීමට යොදාගත්තොත් කීයක් හරි හොයාගන්න පුලුවන් කියලා අපේ ගමෙ බර කරත්ත කිහිපයක් හිමි කරෝලිස් බාස් කියනවා... එයාට ඒ ගැන මනා අවබෝධයක් තියනවනේ...

:       803       450

vipulaFriday, 15 May 2020 12:46 AM

අපේ රටට හිනා වෙන්නේ හුගක් පිටරට ඉන්න ලාංකිකයන්... හැබැයි covid වසංගතයෙන් පස්සේ තමයි ලංකාව හොදයි කියල දැනුනේ...

:       0       0

ධර්මේන්ද්‍ර පැරිස් 2Friday, 15 May 2020 03:36 AM

කුහකකම වෙන්න එපා මහත්තයෝ. ලොව පුරාම ප්‍රවාහන ගුවන් සමාගම් දැන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා තම යානා යොදාගන්නවා. සමාගමේ පැවැත්ම සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම ආදි කොච්චර වගකීම් තියෙනවද? මම පදිංචි පැරිසියේ. මට හිතෙන්නේ ඔබ නමට ඉදිරියෙන් ප‍්‍රංශ කියලා දාගෙන හිටියට ඔබ වැඩ කරන්නේ ඔබම සඳහන් කළ කරෝලිස් බාස්ගේ කරත්තයක වෙන්න ඕනෑ.

:       0       0

Tikiri bsndara tennakon Friday, 15 May 2020 03:50 AM

නන්දලාල් මම ඔයාට බනින්න කලින් මෙවගේ දේවල් වලට සතුටු වෙන්න. නැතිනම් කොරෝනා හැදිලා මැරෙයි ඔය රටෙ ඉදලාම... නුඹ සිල්වා කෙනෙක් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 130 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site