IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ දැවැන්තම ජීවිත රක්ෂකයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, ශ්‍රී ලංකා නිතීඥ සංගමය (BASL)සමඟ එක්ව ශ්‍රී ලංකාවේ නිතීඥ ප්‍රජාව සඳහා නිර්මාණය කරන ලද සුවිශේෂී විශ්‍රාම සැලැස්මක් වන “ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රැකවරණ” විශ්‍රාම සැලැස්ම හඳුන්වා දී ඇත.
මෙම විශේෂ සහයෝගීතාව රටේ නීතිඥ වෘත්තිකයන්ගේ මූල්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් හවුල්කාරිත්වයකි. ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රැකවරණ’ සැලැස්ම නීතිඥ සංගමයේ සාමාජිකයන් සඳහා පමණක්ම නිර්මාණය කර ඇති අතර, විශ්‍රාම ගැනීමෙන් පසු සහතික කළ ආදායමක් සහ හදිසි මරණ ආවරණයක් සමග සුවිශේෂී රැකවරණයක් ලබා දෙයි. එමගින් නීතිඥ සංගමයේ සාමාජිකයන්ට මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට අමතරව තම පවුලේ සාමාජිකයන්ගේ රැකවරණ ද තහවුරු කරමින් ඔවුන්ගේ විශ්‍රාම දිවිය මානසික සුවයෙන් සහ සැහැලුවෙන් ගත කිරීමට මෙම සැලසුම අවකාශය උදා කර දී තිබේ.
මෙම සැලැස්ම හරහා සාමාජිකයන්ට වයස අවුරුදු 45 ත් 70 ත් අතර තමන්ගේ විශ්‍රාම වයස තෝරා ගැනීමට හැකියාව ලබා දෙන අතර, වැල් පොලී පදනම මත වාර්ෂිකව සියයට 5 කින් වැඩි වන සහතික කළ මාසික ආදායමක් ලබා දෙයි. තවද, සාමාජිකයන්ට ඔවුන්ගේ අනාගත අවශ්‍යතා අනුව ඔවුන්ගේ විශ්‍රාම අරමුදල වැඩි කර ගැනීමට සහ රෝහල් හෝ වෛද්‍ය බිල්පත් අවශ්‍යතාවකින් තොරව සෑම වසරකම මාසික විශ්‍රාම වැටුප මෙන් පස් ගුණයක් දක්වා සෞඛ්‍ය ප්‍රතිලාභයක් ලබා ගැනීමට ද ඉඩ සලසයි. ප්‍රතිලාභ ලබා ගන්නා කාලය තුළ රක්ෂණ ඔප්පුහිමියාගේ අවාසනාවන්ත මරණයකදී, යැපෙන්නන්ට ඉතිරි විශ්‍රාම වැටුප් සහ ප්‍රසාද දීමනා මෙම සැලැස්ම හරහා එලෙසම ලැබෙනු ඇත.
වැඩිදුර ආරක්ෂාවක් එක් කරමින්, අනපේක්ෂිත අවස්ථාවලදී මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා හදිසි අනතුරු මරණ ආවරණයක් මෙන්ම මාසිකව, කාර්තුමය, අර්ධ වාර්ෂික හෝ වාර්ෂිකව තම වාරික ගෙවීම් කිරීමට ද අවස්ථාව ලබා දේ. මෙම සැලැස්ම වයස අවුරුදු 18 ත් 60 ත් අතර පුද්ගලයන් සඳහා විවෘත වන අතර, අවුරුදු 5 සිට 40 දක්වා වාරික ගෙවීමේ හැකියාවක් ලබා දේ.
පවුල් ආරක්ෂණ ප්‍රතිලාභය, දීර්ඝ කළ සදාකාලික අබලතා හදිසි අනතුරු ප්‍රතිලාභය, බරපතළ රෝග සඳහා ආවරණය වැනි අමතර ප්‍රතිලාභ සමගින් ඔවුන්ගේ ආවරණය වැඩි දියුණු කළ හැකිය.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා මෙසේ පැවසීය.
‘‘ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන්ගේ සුබසාධනය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට කැපවී සිටින අතර, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමග මෙම සහයෝගිතාව අපගේ සාමාජිකයන්ට රැකවරණය සහ විශ්වාසදායක විශ්‍රාම සැලැස්මක් සඳහා ප්‍රවේශය සහතික කරන කාලෝචිත මුලපිරීමකි. එය නීති ක්ෂේත්‍රයේ දිගුකාලීන මූල්‍ය ස්වාධීනත්වය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරකි.”



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග අත්වැල් බැඳ ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 188 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1144 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site