විමුක්ති එස්. රුද්‍රිගු
ගෝලීයව ආයෝජන සිදුකෙරෙන ආකාරයේ වෙනසක් සිදුවෙමින් පවතින අතර ආයෝජන ලබාගැනීම සඳහා නැගී එන වෙළෙඳපොළවල් තිබෙන රටවල් සිය තරගකාරීත්වය ඔප්පු කිරීමේ පීඩනයකට මුහුණ දී සිටී. එහිදී ශක්තිමත් ආයෝජක විශ්වාසයක් දිනා ගැනීම සහ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ අවස්‍ථා බවට පරිවර්තනය කර ගැනීම ලබන වසරේදී ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇත.
මෙම වසරේ එළැඹෙන දෙසැම්බර් 2 සහ 3 පැවැත්වෙන ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේ දෙවැනි දිනයේ පැවැත්වෙන “ශ්‍රී ලංකාව සිටින තැන සහ ඊළඟට කුමක් සිදුවේද?” යන සැසිවාරයේදී මෙරට ආයෝජන වාතාවරණය සහ ඉදිරි මාවත පිළිබඳ නිවැරදි ඇස්තමේන්තුවක් ලබාදෙනු ඇතැයි ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කළේය.
සැසිවාරයේදී ආයෝජන ප්‍රවර්ධනය, ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන සහ පෞද්ගලික කොටස් යන ක්ෂේත්‍රවල ප්‍රධානීන් එක් වේදිකාවක් මතට ගෙන එනු ඇති බවත්, එහිදී ඔවුන් රටේ ඉදිරි ආයෝජන ගමන් පථය පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවත් ආයෝජන මණ්ඩලය පැවැසුවේය.
මෙම සැසියේදී, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වේගවත් කළ හැකි ආකාරය, අවදානම් අවම කරගත හැකි ආකාරය සහ දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන් සඳහා විශ්වාසදායක සහ ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ස්ථානගත වීමට නව අවස්ථා විවෘත කර ගත හැකි ආකාරය පිළිබඳව විද්වත් මණ්ඩලය ගවේෂණය කරනු ඇතැයි ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කළේය.
මෙම මණ්ඩලයට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති දිමුතු අබේසේකර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා යන මහත්වරුන් සහභාගී වනු ඇති බවත් ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ ලංකා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සුපුන් වීරසිංහ මහතා සාකච්ඡාව මෙහෙයවනු ඇති බවත් ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශ්රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේදී ආයෝජන ආකර්ෂණ විශේෂ සැසියක්