විමුක්ති එස්. රුද්‍රිගු
ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සහ ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනය පසුගිය දා නව හවුල්කාරීත්වයක් ඇතිකරගත් බවත්, එය දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ශක්තිමත් කරගැනීම සඳහා තැබූ වැදගත් පියවරක් බවත්, එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනය සමග ඇතිකරගත් නව හවුල්කාරීත්වය මෙරට ව්‍යාපාර සඳහා තිබෙන අපනයන අවස්ථා පුළුල් කරගැනීමටද වැදගත් පියවරක් බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පැවැසුවේය.
සමීප කලාපීය සහයෝගීත්වයේ වැදගත්කම හඳුනාගනිමින් ඒ සඳහා ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බවද එම මණ්ඩලය ප්‍රකාශ කළේය. අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා සහ ඉන්දියානු අපනයනකරුවන් අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමට දොරටු විවෘත කරනු ඇතැයිද අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සඳහන් කළේය.
ඇතිකරගත් හවුල්කාරීත්වය වෙළෙඳ, දැනුම හුවමාරු කරගැනීම සහ ධාරිතා ගොඩනැගීම යන අංශ තුළ නව අවස්ථා ඇතිකරනු ඇති බවත්, දෙරටේ අපනයනකරුවන්ගේ ජාත්‍යන්තර තරගකාරිත්වය වැඩිදියුණු කරනු ඇති බවත්, එම මණ්ඩලය පැවැසුවේය. අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහාය සහ අවශ්‍ය පහසුකම් සලසා දුන් බවද අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සහ ඉන්දියානු අපනයන සංවිධාන සම්මේලනය නව හවුල්කාරීත්වයක