IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ Shell ලිහිසි තෙල් නිල බෙදාහරින්නා Delmege Forsyth Energy

Delmege ලිහිසි තෙල් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Delmege Forsyth Energy Pvt Ltd, ශ්‍රී ලංකාවේ එකම ෂෙල් ලිහිසි තෙල් නිල බෙදා හැරීමේ සමාගම ලෙස 2024 දෙසැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි පත් කර තිබේ. මෙය සමාගමේ ගමන් මග තුළ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර මෙම උපාය මාර්ගික හවුල්කාරිත්වය ඔස්සේ ගෝලීය මට්ටමේ වෙළෙඳ නාම මෙරට වෙළදපොළ වෙත රැගෙන ඒම වෙනුවෙන් සමාගම දක්වන කැපවීම මැනවින් පිළිබිඹු වේ.

මෝටර් රථ, කාර්මික මෙන්ම නාවික ඇතුළු විවිධ කර්මාන්ත සඳහා නව්‍ය සහ ඉහළ කාර්යසාධනයක් සහිත ලිහිසි තෙල් සඳහා ප්‍රචලිත Shell බලශක්ති සහ ඛනිජ රසායනික නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකී.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් Delmege Forsyth Energy හි සාමාන්‍යාධිකාරී ජගත් කාසිවත්ත මහතා මෙසේ සඳහන් කළේය. “ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට Shell හි උසස් ලිහිසි තෙල් ලබා ගැනීම සඳහා වැඩි දියුණු කළ අවස්ථාවක් මේ ඔස්සේ පිරිනමනු ලබනවා. තනි හා වාණිජ පරිශීලකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා උසස් ගණයේ සින්තටික් තාක්ෂණික ලිහිසි තෙල් තිරසර බවින් යුතුව Shell නිෂ්පාදන පෙළට ඇතුළත් වේ. Delmege සතු පුළුල් දේශීය විශේෂඥතාව සහ ශක්තිමත් බෙදාහැරීමේ ජාලය සමඟ මෙම සහයෝගීතාව හරහා පාරිභෝගික තෘප්තිය සහ මෙහෙයුම් කටයුතුවල විශිෂ්ටත්වය සම්බන්ධයෙන් නව ප්‍රමිති නිර්මාණය කිරීමට අපි සූදානම්.”

මෙම සමාගමේ උපායමාර්ගික ව්‍යාපාර සංවර්ධන හා සැලසුම් අධ්‍යක්ෂ අම්රිත් ආදිහෙට්ටි මහතා මේ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් එකතු කළේ මෙසේය. “ විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය සඳහා වූ කැපවීම Delmege විසින් නිරන්තරයෙන් ප්‍රදර්ශනය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බලශක්ති විසඳුම් සැපයුම්කරුවකු ලෙස සමාගමේ ස්ථාවරය මෙම නව ව්‍යාපෘතිය ඔස්සේ තවදුරටත් තහවුරු කරනවා. තම විශේෂඥතාව උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව තුළ Shell වෙ​ෙළඳපොළ පුළුල් කිරීමට Delmege Forsyth Energy සමාගම නව බෙදාහරින්නා ලෙස සැලසුම් කරනවා.

Vallibel One සහ Delmege LTD හි කළමනාකාර අධ්‍යක්ෂිකා දිනූෂා භාස්කරන් මහත්මිය මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළාය. ”‍ගෝලීය වශයෙන් ගෞරවය සහ ආකර්ෂණය දිනාගත්, ගුණාත්මකභාවයෙන් සහ විශ්වසනීයත්වයෙන් ඉහළ සන්නාමයක් වන Shell සමඟ හවුල්කාරිත්වයක් ඇරඹීමට අවස්ථාව ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා. මෙරට පාරිභෝගික ජනතාව වෙත ඉහළම පෙළේ නිෂ්පාදන සහ සේවා සැපයීමේ අපගේ මෙහෙවර සමඟ මෙම හවුල්කාරිත්වය මැනවින් සමපාත වන අතර අපගේ අරමුණ වන්නේ මෙම සහයෝගීතාව ඔස්සේ බලශක්ති අංශයේ තිරසාර වර්ධනයක් ඇති කිරීමයි.”‍ 

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ Shell ලිහිසි තෙල් නිල බෙදාහරින්නා Delmege Forsyth Energy

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site