ශ්රී ලංකාවේ තොරතුරු තාක්ෂණ (ICT) සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM) කර්මාන්තය ජපන් වෙළෙඳපොළේ ශක්තිමත් කිරීමට ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) යන දෙපාර්ශ්වය අතර ඇතිකරගෙන තිබූ එකගතාව දීර්ඝ කිරීමක් පසුගියදා කොළඹ දී සිදුකෙරිණි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට JICA ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරොනුමා සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහත්වරු සහභාගී වූහ.
2024 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම වැඩසටහනට ජපන් වෙළෙඳපොළට අදාළ වෙළෙඳපොළ තොරතුරු, ව්‍යාපාරික පුහුණුව සහ ආනයන අපනයනකරුවන් සම්බන්ධීකරණ සේවා ලබා දීමෙන් වසර දෙකක් පුරා ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම ව්‍යවසාය (SME) ICT/BPM සමාගම් 30කට සහාය දෙනු ලබයි.
2014 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව සහ JICA ආයතනය පවත්වාගෙන යන සහයෝගිතාව මත ගොඩනගා ගත් මෙම වැඩසටහන, තාක්ෂණ ප්‍රවර්ධනය, නවෝත්පාදනය සහ ගෝලීය වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කිරීමෙන් දෙරටටම තිරසාර ආර්ථික වර්ධනයක් අරුත්ගැන්වීම අරමුණු කරගෙන ඇත.
මුල් සැලැස්ම අනුව 2025 ඔක්තෝබර් මාසයේදී අවසන් වීමට නියමිතව තිබූ මෙම වැඩසටහන, අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉල්ලීම මත එක් වසරකින් දීර්ඝ කර ඇත. වැඩසටහන දීර්ඝ කිරීමෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සමාගම්වලට වෙළෙඳපොළ තොරතුරු, ව්‍යාපාරික පුහුණුව සහ වෙළෙඳ ගනුදෙනුකරුවන් සම්බන්ධීකරණ සහාය වඩාත් හොඳින් සිදුකර ගත හැකි අතර තෝරාගත් සමාගම් කිහිපයකට POC ක්‍රමවේදය හඳුන්වා දෙනු ඇත. එමෙන්ම වැඩසටහන යටතේ අමතර පුහුණු අවස්ථා ද ලබා දෙනු ඇත.
මෙම අවස්ථාවට JICA මූලස්ථානයේ මසායුකි ෆුරුකාවා සහ සාකො ඉකෙවාඩා , JICA ශ්‍රී ලංකා කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත යුරි ඉඩේ ව්‍යාපෘති සකස්කිරීමේ උපදේශක එබිසාවා යෝකො, නියෝජිත ඉනඩා අරිසා, සහකාර නිලධාරී එරංගා රාජපක්ෂ, සහ ඩෙලොයිට් තොමාට්සු මූල්‍ය උපදේශන LLC හි ෂෝසෙයි යමාමොටෝ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් අපනයන සේවා අංශයේ අධ්‍යක්ෂ ඉදුමිණි කොඩිකාර සහකාර අධ්‍යක්ෂ දිනේෂ් අත්තනායක මහත්ම මහත්මීහු සහභාගී වූහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ ICT/BPM කර්මාන්තය ජපානයේ ශක්තිමත් කිරීමට EDB සහ JICA හවුල්කාරිත්වයක්