IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ සිට සංචාරය කරන්නන්ට එමිරේට්ස් විශේෂ ගමන් ගාස්තු

ශ්‍රී ලංකාවේ සිට සංචාරය කරන සිසුන් ඇතුළු සංචාරකයන්ට ප්‍රතිලාභ ලබා දීමට විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කර තිබේ. මේ අනුව මෙම විශේෂ ගාස්තු සහිත ප්‍රවේශපත් වෙන්කර ගනිමින් ඒවා සැප්තැම්බර් 30 දක්වා භාවිත කිරීමේ අවස්ථාව මෙන්ම ප්‍රවේශපත්‍රවල වලංගු කාලය වසර තුනක් දක්වා දීර්ග කිරීමේ සහනය පාරිභෝගිකයන්ට ලබා දී ඇත.

එමිරේට්ස් ගෝලීය ජාලයේ සියලුම ගමනාන්ත සඳහා මෙම විශේෂ ගාස්තු වලංගු වන අතර ඉකොනොමි අවම ගාස්තු රුපියල් 68,700කින් සහ ව්‍යාපාරික පන්තියේ අවම ගාස්තුව රුපියල් 257,500 කින් ආරම්භ වන බව සඳහන් කරයි. මෙම විශේෂ ගාස්තු වෙන්කර ගැනීම 2021 අප්‍රේල් 13 වනදා සිට 26 වනදා දක්වා සිදු කළ යුතු බවත් එසේ වෙන්කර ගන්නා ප්‍රවේශපත් මගින් 2021 අප්‍රේල් 16 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා සංචාරය කළ හැකි බවත් සමාගම පවසයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ලබාදෙන ඉකොනමි පන්තියේ ආරම්භ ගාස්තු මෙසේය. ඩුබායි දක්වා යාමට සහ ඒමට ඇමරිකානු ඩොලර් 342 ක් (වත්මන් විනිමය අනුපාතයට අනුව රුපියල් 68,700ක් පමණ) ද මිලාන් සඳහා ඇමරිකානු ඩොලර් 654 ක් (රුපියල් 131,300 ක් පමණ) ද පැරිසිය සඳහා ඇමරිකානු ඩොලර් 644 ක් (රුපියල් 129,300ක්) ද නිව්යෝර්ක් සඳහා ඇමරිකානු ඩොලර් 1,117ක් (රුපියල් 224,200ක් පමණ) ද ටොරොන්ටෝ සඳහා ඇමරිකානු ඩොලර් 1,303 ක් (රුපියල් 261,500ක් පමණ) සහ නයිරෝබි සඳහා ඇමරිකානු ඩොලර් 966ක් (රුපියල් 193,900ක් පමණ) ද වේ.

මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපාරික පන්තියේ අරම්භක ගාස්තු මෙසේය. ඩුබායි දක්වා යාමට සහ ඒමට ඇමරිකානු ඩොලර් 1,283ක් (වත්මන් විනිමය අනුපාතයට අනුව ආසන්න වශයෙන් රුපියල් 257,500 ක් පමණ) ද, මිලාන් සඳහා ඇමරිකානු ඩොලර් 3,127ක් (රුපියල් 627,600ක් පමණ) ද, පැරිසිය සඳහා ඇමරිකානු ඩොලර් 2,860ක් (රුපියල් 574,000ක් පමණ) ද, නිව්යෝර්ක් සඳහා ඇමරිකානු ඩොලර් 3,618ක් (රුපියල් 726,100ක් පමණ) ද, ටොරොන්ටෝ සඳහා ඇමරිකානු ඩොලර් 3,654ක් (රුපියල් 733,300ක් පමණ) සහ නයිරෝබි සඳහා ඇමරිකානු ඩොලර් 2,179ක් (රුපියල් 437,300ක් පමණ)ද වේ. මෙම සියලුම ප්‍රවේශපත් වල මිල ප්‍රවේශපත් මිලදී ගන්නා දිනයේ දී තිබෙන විනිමය අනුපාතය අනුව තීරණය වනු ඇත.

මෙම විශේෂ ගාස්තු ලබාදීම යටතේ තෝරාගත් ගමනාන්තවලට කිලෝ ග්‍රෑම් 05ක අමතර භාණ්ඩ රැගෙන යාමේ දීමනාවක් ද ඇතුළත් වන බව සමාගම සඳහන් කරයි.

 



අදහස් (1)

ශ්‍රී ලංකාවේ සිට සංචාරය කරන්නන්ට එමිරේට්ස් විශේෂ ගමන් ගාස්තු

බද්රානි Friday, 23 April 2021 07:56 AM

එමිරේට්ස් ගුවන් සමාගමට මගේ ප්‍රණාමය!!! තමන්ගේ රටේ ගුවන් සේවය තම ජාතියෙන්ම ගසා කන රටක හිඟන ජනතාවට ඔබ සමාගම දැක්වූ අනුග්‍රහය නම් විශිෂ්ඨයි. කොරෝනා ව්‍යවසනය පවා ගරානාවක් කරගත් ඒ හොර තක්කඩි ගුවන් සමාගම බංකොළොත් වීම තමයි මේ රටේ උගත්, බුද්ධිමත් ජනතාවගේ ප්‍රාර්ථනය...!! එමිරේට්ස් ගුවන් සමාගමේ විශිෂ්ඨ සේවාව ගැන මම අමුතුවෙන් ලියන්න අවශ්‍ය නැහැ. එය ලෝකයේ වෙසෙන ඕනෑම ගුවන් මගියෙක් දන්නා කරුණක්. එමිරේට්ස් ගුවන් සමාගමට ජයවේවා...!!!

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site