IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාව ජාතික සන්නාමයක් කරන්න ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සැරසෙයි

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ජාතික සන්නාමයක් බවට පත් කිරීම සඳහා පූර්ණ දායකත්වය ලබාදෙන බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සඳහන් කරයි.

ලොව බොහෝ රටවල් දියුණුව කරා ගමන් ඇතතේ ජාතික සන්නාමකරණය තුළින් බවද ඉකුත්දා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති නුවන් ගමගේ මහතා පැවසීය.

දේශපාලන  පක්ෂ සිය ප්‍රතිපත්තිය ප්‍රකාශනයන් තුළ ජාතික සන්නාමකරණය සඳහා ප්‍රමුඛතාවයන් ලබාදිය යුතු බවද ඒ සඳහා අලෙවිකරණ ආයතනයනායකත්වය ලබාදීමට සූදානම් බවද සභාපතිවරයා කීය.

ජාතික සන්නාමකරණය අගයනු ලබන බ්‍රදඩ් ෆයිනෑන් දර්ශකයේ ලොව සියලු රටවල් අතරින් 68 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මේ වන විට 74 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙන බවද එය ඉහළ නංවා ගැනීම අත්‍යාවශ්‍ය බවද නුවන ගමගේ මහතා පැවසීය.

ඩොමිනිකන් ජනරජයට , භූතානය වැනි රටවල් ජාතික සන්නාමකරණය තුළින් ඉතා කෙටි කාලයකින් මහැගි ප්‍රතිඵල අත්කරගත් බවද ඔහු කීය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ජාතික සන්නාමකරණය ව්‍යාපෘතියේ සභාපතිනි කවී රාජපක්ෂ මහත්මිය සඳහන් කළේ මේ අවස්ථාවේ රට මුහුණ දී තිබෙන ආර්ථික ප්‍රශ්න විසඳීමට සුදුසුම දිගු කාලීන විසඳුම ජාතික සන්නාමකරණය බවයි.

ශ්‍රී ලංකාව වැනි වටිනාකම් රැසක් තියන රටකට දියුණු රටක තත්වයට පත්වීමට බොහෝ ඉඩකඩ තිබෙන බවද කවී රාජපක්ෂ මහත්මිය කීවාය.



අදහස් (2)

ශ්‍රී ලංකාව ජාතික සන්නාමයක් කරන්න ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සැරසෙයි

chandima Wednesday, 05 October 2022 09:57 PM

රට බංකොලොත් වෙලත් මාස පහ හයක් වෙනවා .දැන් ද සැරසෙන්නේ ?

:       1       2

de silva Saturday, 08 October 2022 10:51 PM

මේකේ අලෙවි කරන්න දෙයක් නැහැ. දේශපාලකයෝ වටිනා කියන සියලුම දේවල් තුට්ටු දෙකට අලෙවි කරලා කොමිස් ගහගෙන ඉවරවෙලා ගොඩක් කල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site