
ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට්
විමුක්ති එස්. රුද්‍රිගු
ඉදිරි දශකයේදී ලක්ෂ 10 ක පිරිසක් මෙරට ශ්‍රම බළකායට අවතීර්ණ වීමට නියමිතව තිබුණත් එම කාලයේදී මෙරට රැකියා උත්පාදනය වන්නේ ලක්ෂ තුනක් පමණක් බව පුරෝකථනය කර ඇතැයි ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් රැකියා උත්පාදනයට පෞද්ගලික අංශයේ වර්ධනය අත්‍යාවශ්‍ය කරුණක් බවද ඔහු පැවැසුවේය. ලංකාව පුරා තිබෙන රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමටත්, සේවා ලබාදීම් පුළුල් කිරීමටත්, තරගකාරිත්වය ශක්තිමත් කර ගැනීමටත්, පෞද්ගලික ප්‍රාග්ධනය මෙරටට අද්දවා ගැනීමටත් ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙනු ඇතැයි උප සභාපතිවරයා ප්‍රකාශ කළේය.
එහිදී ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණගැසීමට ලැබීම සහ මෙරට ආර්ථික වර්ධනය පිළිබඳ රජයේ දැක්ම දැන ගැනීමට ලැබීම තමන් ලද ගෞරවයක් බවයි. මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය පදනම ශ්‍රී ලංකාව දමා අවසන් බවද උප සභාපතිවරයා පැවැසුවේය. ශ්‍රී ලංකාව දැන් රැකියා උත්පාදනය, ආයෝජන සහ සියලු අංශවල සංවර්ධනය පිළිබඳව අවධානය යොමුකළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
සේවා පුළුල් කිරීම සහ රැකියා නිර්මාණය කිරීම සඳහා පෞද්ගලික ප්‍රාග්ධනය බලමුළු ගැන්වීම සහ විදේශ ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ මෙම ගමනට සහාය ලබාදීමට ලෝක බැංකුව සූදානම් බවද සට් මහතා පැවැසුවේය.
සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් මහතා මෙම අදහස් පළ කළේය.
ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් මහතා ඔහුගේ ප්‍රථම ශ්‍රී ලංකා නිල සංචාරය පෙරේදා (15) අවසන් කළ බව ලෝක බැංකු සමූහය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකාවේ ගමනට සහාය දීමට ලෝක බැංකුව සූදානම්