( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර සාම්ප්‍රදායික කාර්මික සහයෝගීතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම ක්‍රියාවට නංවන්න දෙරටේ රජය පියවර ගෙන ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
ශ්‍රී ලංකාවේ ජාතික ශිල්ප සභාව හා ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ සමුපකාර සඳහා වන අලෙවිකරණ සේවා නියෝජිතායතනය අතර අත්සන් තබා ඇති මෙම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි යශෝජා ගුණසේකර මහත්මිය සහ ඉන්දුනීසියාවේ නිෂ්පාදන හා අලෙවිකරණ නියෝජ්‍ය අමාත්‍ය වික්ටෝරියා සිමානුංග්කලිත් මහත්මිය සමඟද සාකච්ඡා කළ බව එම අමාත්‍යාංශය කියා සිටී.
මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින සුහද ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අවධානය යොමු කළ අතර, දෙරටේ ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සැපයිය හැකි වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳවද අදහස් හුවමාරු වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ඉන්දුනීසියාවේ නිෂ්පාදන හා අලෙවිකරණ නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී ශ්‍රී ලංකා තානාපතිවරිය සමඟ ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ අත්දැකීම් බෙදාහදා ගත් අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍ර පිළිබඳ අත්දැකීම් සහ දැනුම හුවමාරු කර ගැනීමටද දෙරටේ ප්‍රධාන නිලධාරීන් අතර වෙබ් ජාලයක් සංවිධානය කිරීමට කැමැත්ත පළ කළාය.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා තානාපතිනිය ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ උපාය මාර්ග පිළිබඳව තොරතුරු ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම සඳහා ඉන්දුනීසියාවෙන් තාක්ෂණික සහාය ද ඉල්ලා සිටියාය.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
599
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකාව-ඉන්දුනීසියාව අතර අවබෝධතා ගිවිසුමක්