IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකන් ගුවන් සමාගම දිගු ගුවන් ගමන් කාල සටහන වෙනස් කරයි


  (නිමල කොඩිතුවක්කු)


ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළැඹෙන ශීත සෘතුවේ සිය  දිගු ගුවන් ගමන්  කාලසටහනේ  සැළකිය යුතු වෙනස්කම් රැසක් සිදුකර තිබේ.


ඒ අනුව ජාතික ගුවන් සේවයට අයත් 330- 300 යානා ඔක්තෝබර් 28 වන දින සිට දිනපතා මෙල්බර්න් මෙහෙයුම් සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව ආයතනික සන්නිවේදන අංශය සඳහන් කරයි. 


එමෙන්ම ඔක්තෝබර් 29 වන දින සිට කොළඹ සිට  -සිංගප්පූරුව - දක්වා සිදුකෙරෙන ගුවන් ගමන් වාර පුළුල් කිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබේ.


සතිපතා ගුවන් මෙහෙයුම් වැඩි කිරීමත් සමග වත්මන් කාලසටහනට අනුව සතියකට සිදුකරන ගුවන් ගමන් වාර 17 සිට  21  ක් දක්වා ඉහළ යන බව  ආයතනික සන්නිවේදන අංශය සදහන් කරයි.


එහිදී ගුවන් මෙහෙයුම් 7 ක් එයාර්බස් 330-300 ගුවන් යානා මගින් මෙහෙයවනු ලබන අතර ඉතිරි ගුවන් මෙහෙයුම් 14  නවතම - 320 / 321 ගුවන් යානා මගින් ක්‍රියාත්මක කරනු ඇත. 

 

මෙම ධාරිතා වැඩිදියුණු කිරීමත් සමග සතියකට අතිරේක ආසන 2400 ක් පමණ  පිරිනැමීමට සමාගම අපේක්ෂා කරයි.


මේ අතර  ඔක්තෝබර් 27 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි හොංකොං මෙහෙයුම් අත්හිටුවීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. 


හොං කොං වෙත යාමට සහ පැමිණීමට දැනටමත් ටිකට්පත් මිලදී ගෙන ඇති මගීන්ට අනෙකුත් ගුවන් සමාගම් ඔස්සේ ගුවන් ගමන් සිදුකිරීමට කටයුතු සලසා දී ඇති බවද ආයතනික සන්නිවේදන අංශය සදහන් කරයි.


ශ්‍රී ලංකන්  ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය  ගුවන්  සේවා  සන්ධානයේ  සාමාජික  ගුවන්  සේවයක්  ලෙස  කොළඹ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ  රටවල් 48 ක ගමනාන්ත 114 දක්වා සිය  ගුවන් ගමන්  සිදුකරනු ලබයි. 



අදහස් (1)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම දිගු ගුවන් ගමන් කාල සටහන වෙනස් කරයි

Nandalal DE SILVA - France Thursday, 20 September 2018 08:59 AM

සමහර ගමනාන්ත වැඩිකර ඇති නමුත් යුරෝපයට යන එන ගමන්වල වෙනසක් කර නැතිබව පේනවා. ලාබ නැති බව කියමින් අත්හිටවූ කොළඹ-පැරිස් සෘජු ගුවන් සේවය නැවත්වීම නම් කිසිසේත් අනුමත කල නොහැක. පැරිසියේ සිට කිහිප වරක් ගමේ යාම සඳහා මා පියාසර කල එකම ශ්‍රීලන්කන් යානයකවත් හිස් අසුන් තිබුනේ නැත. එහෙනම් කොහොමද පාඩු ලබන්නේ ? ගුවන් තොටුපොළවල රස්තියාදු වෙමින් ගමේ යාම දැන් ඉතාම දුෂ්කරයි.......

:       2       94

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 40 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site