IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ අංශයට සම්මානයක්

(ටී.කේ.ජී.කපිල)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ කාර්ය මණ්ඩලය ලෝකඩ පදක්කමක් සහ කුසලතා සම්මානයක් දිනාගෙන තිබේ.

කොළඹ ගලදාරි හෝටලයේ දී මෙම සම්මාන උත්සවය පැවැත්විණි. මෙම සම්මාන උළෙල බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ශ්‍රී ලංකා අංශය  විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද වැඩසටහනකි .

එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අභ්‍යන්තර සංවර්ධිත යෙදුම වන" ifleet " සදහා ලෝකඩ පදක්කමත්, ශ්‍රී ලන්කන් කාර්යය  මණ්ඩල  සංචාරක යෙදුම වන "charika" සදහා කුසලතා සම්මානයත් හිමි වී තිබේ  .

කාලීන පියාසැරි තත්ත්වයන්, මගී බර ප්‍රමාන , කාර්ය මණ්ඩල තොරතුරු සහ ගුවන්යානා නඩත්තු කාල සටහන් ifleet මෘදුකාංගය තුළ ඇතුළත් ව ඇති අතර, ගුවන් යානා ප්‍රවේශ පත්‍ර, ගෙවීම් කටයුතු පිළිබඳ තොරතුරු charika  මෘදුකාංගය තුළ අඩංගු වී ඇත.

ශ්‍රී ලංකාවේ හොඳම සංවිධාන ගෝලීය තාක්ෂණ වෙළඳපොළ අත්පත් කර ගැනීමේ ජාතියේ හැකියාව මෙමගින්  අගය කිරීමට ලක් කර තිබේ.

මෙම තරගාවලිය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවිධානය 120 ක්, නවීන තොරතුරු තාක්ෂණ නිෂ්පාදනය 250 වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබිණි.   

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සහ එක්සත් රාජධානිය රාජධානියේ  තොරතුරු තාක්ෂණ ආයතනය ආයතනයේ සභාපති මයිකල් ග්‍රාන්ට් මහතා මෙම උත්සවයට ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගී වී සිටියහ. 



අදහස් (2)

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ අංශයට සම්මානයක්

Frequent Traveller Thursday, 14 November 2019 03:51 PM

යානය ඇතුළත සේවාව ඉතා සතුටුදායක වේ. කොටින්ම ලෝකයේ හොඳම සේවාව කියන්න පුළුවන්.. බලන්නකෝ අනිත් ගුවන් සේවාවල වෙබ්අඩවි. ගමනක් ඇනවුම් කරන්න තොරතුරු හොයද්දී දිනය වෙනස් කරන්න වුණොත් මුල සිට නැවත පටන් ගන්න වනවා. හරි අපහසුයි.

:       30       5

මංජුල Friday, 15 November 2019 05:59 AM

හැමදාම සම්මාන. තවම හම්බුනේ නැත්තේ ලෝකයේ පාඩු ලබන එකම ගුවන් සේවය සම්මානය විතරයි.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site