IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රීලංකන් මාලේ වේලානා ගුවන්තොටුපොළේ 1 වැනි පර්යන්තයේ මෙහෙයුම් නිල වශයෙන් අරඹයි

 

ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ මාලේ වේලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (Velana International Airport) සිය මෙහෙයුම් කටයුතු 2025 දෙසැම්බර් 17 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නව ”‍1 වැනි පර්යන්තය”‍ (Terminal-1) වෙත නිල වශයෙන් මාරු කරන ලදී. 
මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් මාලදිවයින ගුවන් තොටුපොළ සමාගම (MACL) විසින් 1 වැනි පර්යන්තය වෙත පැමිණි UL101 ගුවන් යානයේ මගීන් සහ එම පර්යන්තයෙන් පිටත්ව ගිය UL102 ගුවන් යානයේ මගීන් වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන් මහතා සහභාගී වූ අතර, මාලදිවයින ගුවන් තොටුපොළ සමාගමේ සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් ද මීට එක්ව සිටියහ. 
කොළඹ සිට මාලේ වෙත දිනකට ගුවන් වාර තුනක් ක්‍රියාත්මක කරන ශ්‍රීලංකන් ගුවන් සේවය, රටවල් 59 ක ගමනාන්ත 117 කින් සමන්විත සිය ගුවන් මෙහෙයුම් ජාලය වෙත බාධාවකින් තොරව සිය ගුවන් මගීන් සම්බන්ධ කරයි.



අදහස් (0)

ශ්‍රීලංකන් මාලේ වේලානා ගුවන්තොටුපොළේ 1 වැනි පර්යන්තයේ මෙහෙයුම් නිල වශයෙන් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site