IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වෙළෙඳ පොළ පිබිදීමට ලාබය පදනම් කරගත් ගනුදෙනු බාධාවක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භ කර මධ්‍යහ්නය දක්වා ක්‍රමානුකූල වර්ධනයක් සනිටුහන් කරනලද නමුත් අවසානයේ දී ලාබ පදනම් කරගත් විකිණීම් හේතු කොටගෙන වර්ධනය සීමාසහිත තැනකට කැඳවනු ලැබීය. දිනයේ පිබිදීම පදනම් කරගෙන කොටස් විකිණීමට උත්සාහ කිරීම මෙයට බලපෑ ප්‍රධාන සාධකය වශයෙන් සැලකිය හැකිය. ඉසුරුමත් සමාගම්වල කොටස් මෙහි දී විශේෂයෙන් පිරිහීමට ලක් වූ අංශය වශයෙන් දැක්විය හැකිය. විදේශ ආයෝජකයන්ගේ ආකර්ශනය තවමත් තියුණු භාවයක් පෙන්වන්නේ නැත.

සඳුදා (මාර්තු 24) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,912.61 තෙක් ඉහළ ගිය අතර එය දර්ශක 33.28 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,759.06 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 7.51 ක පසුබැසීමක් සේ දැක්විය හැකිය. 

රීල් රු. මිලියන 108 ක් වශයෙන් සිකුරාදා දිනයේ පිරිවැටුමකට වාර්තාගත දායකත්වයක් දැක්වීය. කොමර්ෂල් බැංකුව රු. මිලියන 89 ක්, සම්පත් රු. මිලියන 84 ක්, චෙවොරන් ලුබ්රිකන් රු. මිලියන 74 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 59 ක්, එන්.ඩී.බී. රු මිලියන 35 ක්, ඇක්සස් ඉන්ජිනියරිං රු. මිලියන 35 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 32 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 29 ක්, එල්.ඕ.එල්.සී. රු. මිලියන 29 ක් සහ ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 28 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සෙසු සමාගම් අතර තිබුණි.  වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 13,321 ක් වූ අතර සමාගම් 134 ක කොටස් මිල ඉහළ ගියේය. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 88 ක් විය. දිනයේ වෙළෙඳ පොළ පිරිවැටුම රු. බිලියන 1.90 ක් දක්වා සිමාවී තිබුණි. තවමත් මිල දී ගැනීම් සඳහා ආයෝජකයන් හට උනන්දු විය හැකි පරිසරයක් පවතී. මධ්‍ය හා දීර්ඝ කාලීන ආයෝජන වශයෙන් සැලකීම සුදුසු බව උපදේශකයන් ගේ නිර්දේශය වී තිබේ. කෙසේ වෙතත් සමාගම් කිහිපයක මුල්‍ය වාර්තා මෙතෙක් නිකුත්කර නැති අතර නිකුත් කර ඇති වාර්තා අනුව වෙළෙඳ පොළ ගනුදෙනුවලින් වාසි ලබාගත හැකි පසුබිමක් පවතී. 

නිරීක්ෂක



අදහස් (0)

වෙළෙඳ පොළ පිබිදීමට ලාබය පදනම් කරගත් ගනුදෙනු බාධාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 192 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 752 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site