ආනයනය කරන වාහන සඳහා නිකුත් කළ හැකි ණය සම්බන්ධ සීමා නැවත සලකා බැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළ අතර එය වාහන ක්ෂේත්රයට අයත් සමාගම්වල කොටස් ඉල්ලුම අඩු කරන්නට හේතු වී තිබේ. මහ බැංකුව කලින් නිවේදනයකර තිබුණ පරිදි වාණිජ වාහන සඳහා සියයට අසූවක ණය පහසුකමක් ලබාගත හැකි වූ අතර එය පෞද්ගලික වාහන සඳහා වටිනාකමෙන් සියයට හැටක් විය. වාණිජ වාහන සඳහා සියයට හැත්තෑවක් හා පෞද්ගලික වාහන සඳහා සියයට පනහක් වශයෙන් නිකුත් කිරීමට නියම කිරීම සමග රථවාහන වෙළෙඳ පොළේ යම් පරිවර්තනයක් සිදුවිය හැකි බවක් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් යම් පසුබෑමක් වෙතොත් එය තාවකාලික විය හැකිය.
සතිය ආරම්භයේ දී ම කොටස් මිල දී ගැනීම සඳහා තියුණු වුවමනාව කෙසේ වෙතත් කොටස් මිල අඩුකරන පීඩනයක් ගැනුම්කරුවෝ එල්ලකරමින් තිබුණි. දිනයේ මැද භාගයේ දී කොටස් මිල දර්ශක පහත වැටුණ අතර පසුව එය ස්ථාවර තැනකට පැමිණියේය. මෙරට ඉතිහාසයේ ඉහළම දර්ශක අගය තවත් වටයකින් දියුණු කරමින් ඉදිරියට යන ස්වභාවයක් දැක්වේ.
ඊයේ (ඔක් 11) ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,582.16 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 79.57 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,528.60 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 28.56 ක ඉහළ යාමකි. දෛනික පිරිවැටුම රු. බිලියන 8.22 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 52,012 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 223.0 ක් විය. සමාගම් 139 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 112 කි.
අය වැය යෝජනා ප්‍රකාශයට පත් වූ පසු එළැඹි පළමු ගනුදෙනු දිනයේ විදේශ විකිණීම් ඉහළ ගිය අතර රටින් බැහැර වූ මුදල රු. මිලියන 435 කි. කෙසේ වෙතත් ඊයේ ගනුදෙනුවල දී රු. මිලියන 26 ක ශුද්ධ ආදායමක් රටට විදේශීය ආයෝජකයන්ගේ මිල දී ගැනීම් හේතු කොටගෙන ලැබී තිබේ. තවමත් විදේශීය ආයෝජන අංශවල ස්ථාවරත්වයක් නිරීක්ෂණය කළ නොහැක.
නිරීක්ෂක
2025 නොවැම්බර් මස 21
130
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වාහන ණය අනුපාත සමාගම්වලට බලපෑමක් ඇතිකරන ලකුණු