IMG-LOGO

2025 ජනවාරි මස 13 වන සඳුදා


වාහන අනයනය සීමා කිරීමට නව රෙගුලාසි පනවයි

(රංජන් කස්තුරි)

රථවාහන අනයනය සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව නව රෙගුලාසි දෙකක් පනවා තිබේ.

රථවාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක මුදල් තැන්පතුවක් තිබීම අනිවාර්ය වන අතර ණයවර ලිපි විවෘත කිරීම සඳහා අවශ්‍ය මුදල් ආනයනකරුවන් වෙත කල්බදු ක්‍රමය යටතේ ණය නිකුත් නොකිරීම එම රෙගුලාසි වේ.

නව රෙගුලාසි හේතුවෙන් වාහන ආනයනය සීමා වීම හරහා විදේශ විනිමය රටින් බැහැරවීම සැළකිය යුතු අයුරින් අඩුවනු ඇතැයිද එය රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට හේතුවනු ඇතැයිද රජය අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.



අදහස් (12)

වාහන අනයනය සීමා කිරීමට නව රෙගුලාසි පනවයි

Dhammika Thursday, 20 September 2018 02:20 PM

මැති ඇමතිවරුන්ට ඔය මොකුත් අදාළ නැහැනේ. එයාලට කෝටි 4.50 වෙන ලෑන්ඩ් කෘසර් වී 8 කැමති විදියට බදු නැතිව ගන්න බලපත්‍ර හම්බෙනවනෙ, මහා බැංකුවට ඔච්චර කැක්කුමක් තියේනම් රුපියල ගැන, කරන්න ඕන ඔය වාහන බලපත්‍ර අහෝසි කරන එක

:       60       347

sagarika Thursday, 20 September 2018 03:53 PM

ඉතා හොඳ තීරණයක්.

:       29       147

amaraFriday, 21 September 2018 02:56 AM

මහබැංකුවේ පර්මිට්ස් නවත්තයිද? පර්මිට්ස් නිසා වසර 5න් ගොඩක් වාහන එකතුවෙනවා. සාමාන්‍ය මිනිස්සු ඔක්කොම බදු ගෙවල ගෙනෙන වාහන රටට බරක් නෙමෙයි

:       2       126

vajira Friday, 21 September 2018 01:07 AM

කෙසේහෝ මෙරටට ගෙනෙන යකඩ ගොඩවල් සීමා කලොත් හොඳයි. නැතිනම් තව ටික දිනකින් මහපාරක යන්න බැරි තරමට වාහන ගොඩ ගැහෙයි. දුම්රිය සහ බස් සේවාවන් ක්‍රමානුකුලව වැඩිදියුණු කලොත් හොඳයි

:       18       152

Nandana Friday, 21 September 2018 07:15 AM

මොන රටේද මේ වගේ පර්මිට් දෙන්නේ? කාටවත් විශේෂ සැලකිලි එපා.. වෘත්තීය සමිතිවලට ඇති බිය නිසා නොවේද?

:       22       154

BamunuarachchiFriday, 21 September 2018 11:28 PM

1977දී වැඩේ පටන්ගත්තේ වෘත්තීය සමිතිවලට බයවෙලා නොවෙයි. දැනටමත් කිසිම කෙනෙකුට විශේෂ වරප්‍රසාද දෙන්නේ නැතිනම් වෘත්තීය සමිති ප්‍රශ්න එන්නේ නැත. රාජකාරී සඳහා නිල වාහන ලැබෙනවා නම් පුද්ගලික පාවිච්චියට තමන්ගේ වියදමින් වාහන ගන්න. ඔය අසාධාරණය රටේ කෙරෙනතුරු පිටරට රැකියා කරන අය ලංකාවට විදේශීය විනීමය එවන්න එපා. රුපියල් එවීමේ ක්‍රම තිබෙනවා.

:       6       41

Dhammika Friday, 21 September 2018 10:21 AM

සාමාන්‍ය මිනිහෙක් දුක් විඳගෙන සල්ලි එකතු කරලා ගෙදර වුවමනාවට ආරක්ෂාකාරී ජපන් වාහනයක් ගන්නේ කොච්චර පෙරුම් පුරලද? මිල වගේ 3ගුණයක් බදු ගෙවලා... රටේ වාහන වැඩිවෙලා කියලා සල්ලි රට ගියා කියලා ඒ මිනිහගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැනේ... එහෙම වෙද්දී මැති ඇමතිවරු රජයේ ඉහළ සේවකයින් සහ සමහර වෘත්තිකයින් බදුරහිත වාහන බලපත්වලට ගන්නවා ලක්ෂ 100 ගණන් වටිනා වසර 5න් 5ට.... එක්කෝ පර්මිට් එක ලක්ෂ 30, 40 ට විකුණනවා. මේ ක්‍රමය කොච්චර සාධාරණද? මගේ දරුවට මම උගන්නන්නේ මේ රටින් හොඳ රටකට ස්ථිරවම යන්න කියලයි.

:       103       180

BamunuarachchiFriday, 21 September 2018 11:36 PM

ඔබ හරියට මම ඔය තීරණයට ආවේ 1950 ගණන්වල ඉස්කෝලේ යන කොල්ලෙක් හැටියටයි. අද එය ක්‍රියාත්මක කර තිබෙනවා. හැබැයි අපේ ළමයි මෙරටට මුදල් එවනවා නම් ඒ පිටරට යාමෙන් පලක් නැත. එක ඩොලරයක් මෙරටට එවන්න එපා කියන්න.

:       5       57

priyantha wijerathna Saturday, 22 September 2018 07:30 AM

පුළුල් වූ ජාතික මගී ප්‍රවාහන පද්ධතියක් අපේ රටට තිබුණා නම් ප්‍රශ්න ගොඩක් විසඳෙනු ඇත .

:       0       28

ajith Sunday, 23 September 2018 09:18 AM

මේක හරි මෝඩ තීරණයක්. රටේ ජනතාව පීඩනයට පත් කරලා රටේ ප්‍රශ්න විසඳන්න බෑ. අනික මේකෙන් වෙන්නේ රටේ පරණ වාහන පාවිච්චිය වැඩිවෙනවා. එතකොට පරිසර දූෂණය, ශ්‍රම නාස්තිය, රිය අනතුරු වැඩි වෙනවා. හිස් මොල පාර්ලිමේන්තුවට යැව්වම මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ...

:       49       67

hesa Sunday, 23 September 2018 08:23 PM

ඕනෑම දෙයකට පක්ෂව හෝ විරුධව ලියනවා . එත් මේ ලියන දේ කනකට ගන්නවද ඉහල තැන වලින්. බොරුවට පත් කොළ පුරෝනවා. මිනිසුන්ගේ ලේ පුච්චනවා පමණි . මේ රට මේ කපේදී ගොඩ එන්නේ නැහැ

:       0       6

දිලුම් Tuesday, 25 September 2018 06:55 AM

රුපියල අවප්‍රමාණය වෙන්න හේතුව වාහන ගෙන්වන එක විතරයි වගේ මහ බැංකුවේ කථාව. මේ රටේ හදන්න පුළුවන් සීනි ඇටේ අල්පෙනෙත්තෙ බිත්තරේ ඉදන් හැම දේම පිටරටින් ගෙනල්ලා ගිලින හිගන අය නිසා තමයි මේරටට මෙහෙම වෙලා තියෙන්නේ. තමන්ගෙ රටේ හදන්න පුළුවන් දේ වැඩිපුර හදල අතිරික්තය පිටරට විකුණල තමන්ගෙ රටේ හදන්න බැරි දේ විතරක් ආනයනය කරන්න මේ මහලොකු සහතිකේට සීමා වෙච්ච ආචාරියලට තේරෙන්නේ නැත්තෙ ඒකෙන් කොමිස් එන්නේ නැති නිසාද. හැම දේටම කරන්නෙ එක්කො බදු ගහන එක නැත්නම් සාමාන්‍ය මිනිහගෙ දෙයක් කඩාවඩා ගන්න ප්‍රතිපත්ති හදන එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව මේ වසරේ සිට
2025 ජනවාරි මස 10 94 0

රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව (Government Digital Payment Platform - GDPP) සම්බන්ධයෙන් 2024 වසරේදී සිදු කරන ලද සාර්ථක නියමු පරීක්ෂණවලින් පසුව 2025 වසරේදී ක්‍රියාත්මක වනු ඇතැයි මහ බැංකු


වී ගන්න ‘ඔඩපණ’ ණය රුපියක් කෝටි 1000
2025 ජනවාරි මස 10 37 0

මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රම


Fitch Ratings ලංකා බැංකුවේ තත්වය ඉහළ දමයි
2025 ජනවාරි මස 10 46 0

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings ආයතනය ලංකා බැංකුවේ දිගුකාලීන විදේශ සහ දේශීය මුදල් නිකුත්කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDRs) CCC මට්ටම


ලංකාවට මාලදිවයිනේ මහඟු ආර්ථික අවස්ථාවක්
2025 ජනවාරි මස 10 90 0

මාලදිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින වරාය ශ්‍රී ලංකා ආයෝජකයෙක් සමඟ එකතු වී සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට සියයට 50 ක බදු සහනයක් දීමට ඔවුන්


පෝර්ට් සිටියේ මරිනා ව්‍යාපෘතියේ වැඩ අද ඇරඹේ
2025 ජනවාරි මස 10 38 0

කොළඹ වරාය නගරය හෙවත් කලම්බු පෝර්ට් සිටියේ සිදුකරන මරිනා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අද (10දා) ආරම්භ කිරීමට නියමිතය.


විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු නියෝග සම්මතයි
2025 ජනවාරි මස 10 7 0

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග ඇතුළු තවත් පනත් දෙකක් සම්බන්ධ නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (9) සම්මත විය.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 156 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 535 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 283 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site