විෂන් කෙයා ආයතනයේ Visual Fitness ඒකකය විසින් ඕනෑම ක්‍රීඩාවක නියැලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම නර්තන ශිල්පීන්, ගුවන් නියමුවන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, රියදුරන්, පාසල් සිසුන් හෝ වෙනත් ඕනෑම වෘත්තීයක යෙදෙන්නකුට සිය පෙනීම වැඩි දියුණු කර ගැනීමෙන් සන්නිවේදන කුසලතා ඉහළ නංවා ගැනීමට උපකාරී වන විශේෂිත අක්ෂි පුහුණු පැකේජ රැසක් හඳුන්වා දෙන ලදී.
Visual Fitness පුහුණුව යනු ක්‍රීඩකයන්ට පමණක් නොව අනෙකුත් වෘත්තීන් වල යෙදෙන්නන්ට ද සිය පෙනීම වැඩි දියුණු කර ගැනීමෙන් කුසලතා ඉහළ නැංවීමට යොදාගත හැකි තාක්ෂණික ක්‍රමවේදයකින් සමන්විත පුහුණුවකි.
ක්‍රීඩකයන්ගේ, නර්තන ශිල්පීන්ගේ, ගුවන් නියමුවන්ගේ, ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ, රියදුරන්ගේ, පාසල් සිසුන්ගේ පමණක් නොව ඕනෑම පුද්ගලයෙකුගේ ඇස් සහ අත් අතර වූ සමායෝජන හැකියාව ප්‍රතික්‍රියා වේගය සහ තීරණාත්මක අවස්ථාවලදී නිවැරදි තීරණ ගැනීමට ඇති හැකියාව වැනි වූ විවිධ කුසලතා මැන බැලීමටත් එවැනි කුසලතා වැඩි දියුණු කර ගැනීමටත් උපකාරී වන විශේෂිත පුහුණුවක් Visual Fitness වෙතින් ලබාගත හැකි බව එම ආයතනය සඳහන් කරයි.
Visual Fitness වෙතින් හඳුන්වා දී ඇති මෙම විශේෂිත අක්ෂි පුහුණු පැකේජ වන්නේ, පාසල් ළමයින්ගේ සන්නිවේදන හැකියාවන් තීව්‍ර කර ගැනීම තුළින් අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කර ගැනීම සඳහා උපකාරී වන Memoray + පැකේජය, රියදුරන් සහ රියැදුරු පුහුණුව ලබන්නන් සඳහා විශේෂිත වූ Perfect Driver පැකේජය, අඩි දහස් ගණනක් උස උඩු ගුවනේදී ගුවන් නියමුවන්ට මුහුණදීමට සිදුවන හදිසි අවස්ථාවන්හිදී ඉතාමත්ම කෙටි කාලයක් තුළ ගත යුතු හදිසි තීරණ ගැනීමට අවශ්‍ය කරන සන්නිවේදන හැකියා නිසියාකාරව නිවැරදි මට්ටමට තීව්‍ර කිරීමට උපකාරී වනEagle Eye පැකේජය, වයස අවුරුදු 40න් පසු ඇති වන්නා වූ පෙනීමේ දුර්වලතා අවම කර ගැනීමට උපකාරී වනExtended Vision පැකේජය, ක්‍රීඩකයන්ගේ අනතුරුවලින් පසු ඇති වන්නා වූ දෘෂ්ටියේ පසුබෑම හෝ යම්කිසි පුද්ගලයකුගේ ආඝාත වැනි තත්ත්වයකින් පසු හටගන්නා වූ එම සංකූලතා යථාතත්ත්වයට පත් කර ගත හැකි Perfect Rehab පැකේජය, නර්තන ශිල්පීන්ට චලනය නිවැරදිව මෙහෙයවීමටත්, සමබරතාව රැක ගැනීමටත් අවශ්‍ය කරන්නා වූ සන්නිවේදන කුසලතා තීව්‍ර කිරීමට උපකාරී වනDancers Motivator පැකේජය, ත්‍රිවිධ හමුදාවේ නිරත වන්නා වූ නිලධාරීන්ට සිය රාජකාරි කටයුතු සඳහා අවශ්‍ය වන්නාවූ උපායශීලී ක්ෂණික ප්‍රතික්‍රියා වේගය, ජීවිතයට තර්ජනයක් පවා විය හැකි සංකීර්ණ අවස්ථාවන්හිදී තීරණාත්මක තීරණ ගැනීම, තොරතුරු සැකසීම වැනි සන්නිවේදන කුසලතා නියමාකාරයෙන් වැඩිදියුණු කර ගැනීමට භාවිතා කළ හැකි Tri-Forces Training පැකේජය, ඇසේ විඩාව සහ ආතතිය අඩු කර ගැනීමට භාවිත කළ හැකි Visual Stress Release පැකේජයයි.
Visual Fitness පුහුණුව සඳහා අති නවීන තාක්ෂණයන් රැසක් භාවිත කරයි. මෙම පුහුණුව ආරම්භ කිරීමට පෙර මූලික පර්යේෂණ තුනක්ද සිදුකරනු ලබයි. මෙම පරීක්ෂණවලින් අනතුරුව ජාත්‍යන්තරව පිළිගත් පුහුණුකරුවකු මඟින් තවදුරටත් පරීක්ෂා කර ඒ අනුව පුහුණු සැලැස්ම සකසා ගැනීම සිදුකරයි.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විෂන් කෙයා හි “Visual Fitness” ඒකකයෙන් අක්ෂි පුහුණුවට විශේෂිත පැකේජ