විනිතා එම් ගමගේ
ටින් මාළු කී සැනින් සිහිපත් වන්නේ සැමන්, ටූනා, මැකරල් වැනි මසුන්ය. එසේ නැතිනම් ආනයනය කරන ලද ටින් කළ මසුන්ය. එහෙත් වැව් මාළු ටින් කරන බව ඔබ දන්නවාද?
මේ සටහන කැට්ලා නමැති වැව් මාළුවා ටින් කර යුරෝපා වෙළඳපොළට යැවීමට සැරසෙන ව්‍යාපාරිකයකු වන නිමල් ජයසූරිය මහතා පිළිබඳවයි. ලංකාවේ ගම්මානවල වැව් මාළු පළමුවරට ටින් කිරීමේ ගෞරවය හිමිවන්නේ ඔහුටය. ෆොර්කොන්ස් සමාගමේ නිර්මාතෘවරයා වන ජයසූරිය මහතා මේ වනවිට යුරෝපා වෙළඳපොලේ නම ගිය ව්‍යාපාරිකයෙකි. ඔහුගේ උපන් ගම බේරුවල ය.
මාළු ඇඹුල් තියල්, කජු මාළුව, මැකරල් මාළු, කොස් දෙල්, මස් මාළු මිශ‍්‍ර කළ ෆ්‍රයිඩ් රයිස් ආදිය ටින් වශයෙන් ද බැදපු කරවල වර්ග, උම්බලකඩ, චට්නි, පොල්සම්බෝල ආදි ආහාර බෝතල් සහ වායු රික්තක පැකට්ටු වශයෙන් ද විදේශයන්ට අපනයනය කරන ජයසූරිය මහතා ඒවා ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව ගුණාත්මක නිෂ්පාදන වශයෙන් සකස් කිරීමට උත්සුක වෙයි.
නිවෙස්වල සකසන ඕනෑම ආහාරයක් විදේශ රටවල සිටින ඥාතීන් වෙත යැවීම සඳහා ඔහුගේ උපකාරයෙන් වැකියුම් පැකට් සාදාගැනීමට ලාංකිකයන්ට අවස්ථාව හිමි වේ. ශ්‍රී ලංකාව තුළ මේ ආහාර ටින් කර යුරෝපා රටවලට යැවීමේ අවසරය පවතින්නේ ද ඔහුට පමණි.
නිමල් ජයසූරිය මහතා සකස් කළ පළමු වැව් මාළු ටින් නිෂ්පාදනය පසුගියදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත තිළිණ කළේය. වැව් මාළු ටින් නිෂ්පාදනය පිළිබඳව ඔහු මෙසේ කියයි.
‘‘මේක කරන්න පුළුවන් ද කියා මට සැකයක් තිබුණා. නමුත් මම ඒ ගැන සොයා බැලූවා. දේශීය දෑ අගයන ව්‍යාපාරියකු වන ආරියශීල වික‍්‍රමනායක මහතාගේ මැදිහත් වීම මට ශක්තියක් වුණා.
සැමන්වලට නැත්නම් මැකරල් වලට වඩා රසට කටු හැපෙන කැට්ලා නම් මාළුවා ටින් කරන්න පුළුවන්. කැට්ලා කිලෝ 35 ක් වෙනතෙක් ම වැව්වල වර්ධනය වනවා. එනිසා ඈත ගම්වල වැව්වල මේ මාළුවා බෝකර මේ ව්‍යාපාරය කරන්න පුළුවන්.
ග‍්‍රාමීය ප‍්‍රදේශවල වැව් ප‍්‍රතිසංස්කරණය කර ඒවාට මාළු පැටව් බෝකර වැව් ආරක්ෂා කරන්න පුළුවන් නම් හොඳ අස්වැන්නක් ලබාගන්න පුළුවන්. එයින් ග‍්‍රාමීය ආර්ථිකයත් දියුණු වෙනවා. එමෙන් ම අපනයන ආර්ථිකයත් ශක්තිමත් වෙනවා. පිටරටින් ගෙන්වන පණු සැමන් කන්න වුවමනාවක් නැහැ. නාරා හෝ සමාන ආයතනයක් මේ කටයුත්තේ වගකීම භාර ගෙන කටයුතු කළ යුතුයි. මේ සම්බන්ධව තවදුරටත් පර්යේෂණ සිදුවිය යුතුයි.
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වැව් මාළුවාත් ටින්කර යුරෝපයට යවයි
Deepal Nirosh Friday, 19 October 2018 03:40 AM
මෙන්න ඩොලරයේ අගය ඉහළ යාමේ ගැටළුවට එක් ප්‍රායෝගික විසඳුමක්. මේ ව්‍යාපාරය දිරි ගැන්වීමට මැදිහත් රජයේ යුතුකමක්.
chathura Friday, 19 October 2018 11:26 AM
හොද ආදර්ශයක්. සාර්ථක වේවා!
lalith Friday, 19 October 2018 04:28 PM
ශ්‍රී ලංකාව තුළ මේ ආහාර ටින් කර යුරෝපා රටවලට යැවීමේ අවසරය පවතින්නේ ද ඔහුට පමණි කියනවනේ. බලාගෙන ගියාම මේ වගේ අලුත් යමක් රට යවන්නත් වෙනමම අවසර ගන්න වෙනවා. ඉතින් කොහෙද රටක් දියුණු වෙන්නේ?
benatWednesday, 24 October 2018 08:52 AM
ඔය මාලුවාව බෝකර ගන්නත් පුළුවන්... අල්ලලා ප්‍රමිතියට අනුව ටින් කරගන්නත් පුළුවන්... එම ටින් ගුවනින් හෝ නැවෙන් පිටරටට අරින්නත් පුළුවන්. එම රටවල්වල තත්ත්ව පරීක්ෂාවෙන් සමත්වෙන්නත් පුළුවන්. පිටරටවල්වල ගැනුම්කරුවන් හොයාගන්නත් පුළුවන්... ඒ ඔක්කොම ලේසියෙන්ම පුළුවන් කියමුකෝ. හැබැයි අමාරුම දේ තමයි ඒ ටික කරන්න ඕනෑකරන අවසරය අපේ අදාළ ආයතනවලින් ගන්න ගියහම ලෝකෙම නැති ප්‍රශ්න දාලා කොහෙන් හරි හිලක් හාරාගෙන හරි එම අවසරය දෙන්න ගානක් කොටාගන්න එක... ගානදුන්නේ නැත්නම් අවසරේ ගැනීම හීනයක් පමණයි.
hesa Friday, 19 October 2018 09:54 PM
හොඳ වැඩක් නම් තමයි. ඒත් ගමේ මිනිසා අඩු ගානකට ගත් වැව් මාළු වල මිල ඉහල යන්න පිළිවන්. මොකද වැවේ මාළු සේරම වැඩි ගානට මුදලාලිලා ගනිවි.ටින් කරන්න
සෙනෙවි Saturday, 20 October 2018 02:18 AM
අවසරය යන්න යුරෝපා සංගමයේ තීරණය විය හැක. තේ සමග කොහුබත් යවන, ගොරකා වලට පරණ ටයර් කෑලි දාන රටේ එහෙමත් ආවට ගියාට අවසර දේවිද?
සුජිත් අන්නමලේ Saturday, 20 October 2018 05:45 AM
මට මේ ව්‍යවසායකයව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන්ද?
Kumar Saturday, 20 October 2018 04:41 PM
සෙනෙවි මහත්මයගේ කතාව ඇත්ත සෑම තැනම හොරකම. මේ රටට එන කොහුබත් එන්නේ මල් පෝච්චි සමඟ පෙත්තක් වශයෙන්. වතුර මුසු කල විට පෝච්චිය පිරෙන්නම ලොකුවෙනවා. මේ රටේ ටයර් තුනියට කපා මහාමාර්ග වලට දමන මිශ්‍රනයට මුසු කරන වග නම් මම දන්නවා.
Ranga Wednesday, 24 October 2018 05:23 AM
නියම වැඩක්!