IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැලිබල් ෆිනෑන්ස් බදුල්ල සහ කඩුවෙල නගර වෙත පිවිසේ

ගනුදෙනුකරුවන් වෙත වඩාත් නව්‍යකරණ මූල්‍ය සේවාවක් ලබා දීමේ අරමුණ පෙරදැරි කරගනිමින් සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කිරීමට වැලිබල් ෆිනෑන්ස් පසුගියදා කටයුතු කළේය. ඒ බදුල්ල හා කඩුවෙල නව ශාඛා විවෘත කරමිනි. එම ශාඛා විවෘත කිරීමේ අවස්ථා වෙනුවෙන් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශාඛා කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවෝ එක්ව සිටියහ.   

ශ්‍රී ලාංකීය ගනුදෙනුකරුවන්ගේ ගෞරවය හා විශ්වාසය හිමිකරගත් ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් ලෙස ස්ථාවර තැන්පතු, ලීසිං, ඔටෝ ඩ්‍රාෆ්ට්, රන් ණය, ක්ෂුද්‍ර මූල්‍ය සේවා ඇතුළු ඉහළ ඉල්ලුමක් සහිත පුළුල් පරාසයක විහිදුණු මූල්‍ය සේවා රැසක් බදුල්ල හා කඩුවෙල ජනතාවට මෙම නවතම ශාඛා වෙතින් සලසා ගැනීමේ හැකියාව වැලිබල් ෆිනෑන්ස් ලබා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වැලිබල් ෆිනෑන්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා මෙසේ පැවැසීය. “වඩාත් විශ්වාසවන්ත හා ශීඝ්‍රයෙන් වර්ධනය වන මූල්‍ය සමාගමක් ලෙස අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ නම්‍යශීලී මූල්‍ය සේවා සලසා ගැනීම සඳහා ගනුදෙනුකරුවන් වෙත නිරන්තර සහයෝගය ලබා දෙමින් අපගේ වෘත්තීයභාවය හා ආර්ථික තත්ත්වය හමුවේ ශක්තිමත්ව කටයුතු කිරීමේ හැකියාව මනාව ප්‍රදර්ශනය කර තිබෙනවා.

පසුගිය කාලය පුරා පැවති අභියෝග රැසක් මධ්‍යයේ 2021/22 මූල්‍ය වර්ෂය සඳහා විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට වැලිබල් ෆිනෑන්ස් සමත් වූයේ අදාළ කාල පරිච්ඡේදය තුළ සිය ශක්තිමත් බව හා ක්ෂේත්‍රය තුළ සිය පුරෝගාමීත්වය යළි යළිත් තහවුරු කරමිනි. එහිදී 2020/21 මූල්‍ය වර්ෂයේ අදාළ කාල පරිච්ඡේදය තුළ වාර්තා කළ රුපියල් බිලියන 2.3 හා සැසඳීමේදී  2021/22 වර්ෂය සඳහා සියයට 67.1 ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 4.7ක පෙර බදු ලාභයක් වාර්තා කිරීමට වැලිබල් ෆිනෑන්ස් සමත් විය.  

එසේම පැවති ආර්ථික අභියෝග හමුවේ වුවද සිය අක්‍රිය ණය අනුපාතය (NPL) පෙර වසරේ වාර්තා වූ සියයට 4.48 සිට මේ වසරේදී සියයට 2.73ක් දක්වා ශක්තිමත්ව හා ස්ථාවරව පවත්වාගෙන යාමෙන් වැලිබල් ෆිනෑන්ස් සමාගම තමන් සතු  සුවිශේෂී මූල්‍ය කළමනාකරණ හා ස්ථාවරත්ව හැකියාව මනාව ප්‍රදර්ශනය කර ඇත.

සාර්ථක වර්ධනය, ස්ථාවර බව, ලාභය මෙන්ම කාර්යක්ෂම හා ඵළදායී ප්‍රතිඵල වාර්තා කිරීමට සමත්වූ අප ආයතනය ශාඛා ව්‍යාප්තිය ඇතුළු ප්‍රධාන කාර්ය සාධන දර්ශක තුළින් විශිෂ්ට සේවාවක් ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස The Global Economics UK විසින් පිරිනමනු ලබන "Best Finance Company 2022 සම්මානය අඛණ්ඩව දෙවන වරටත් තමන් සතු කර ගැනීමට සමත් වූයේ සිය විශ්වසනීය හා පුරෝගාමී සේවාව තව දුරටත් සහතික කරමිනි.

595



අදහස් (0)

වැලිබල් ෆිනෑන්ස් බදුල්ල සහ කඩුවෙල නගර වෙත පිවිසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site