IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


වියළි කලාපයේ රබර් වවන්න යයි

(විනීතා එම් ගම‍ගේ)
 
සම්ප්‍රදායිකව රබර් වගා කරන ප්‍රදේශවලින් පිටස්තර ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීමට වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.
 
අත්හදා බැලීමක් වශයෙන් අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ආදර්ශ රබර් වගාවක් මේ වනවිට සිදුකර ඇතැයි  වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා ලංකාදීපයට පැවැසීය.
 
සාමාන්‍යයෙන් රබර් ත්‍රිකෝණය ලෙස හැදින්වෙන  කෑගල්ල,කළුතර,රත්නපුර,දිස්ත්‍රික්ක තුනෙහි වාණිජ වගාවක් ලෙස රබර් බහුලව වගා කරනු ලබන නමුත් ජනගහන වර්ධනය මත මෙම සම්ප්‍රදායික දිස්ත්‍රික්ක වල රබර් වගාවන් ක්‍රමයෙන් අඩුවන බව නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා කීය.
 
මේ අනුව මේ වන විටත් මොණරාගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර  9000ක වාණිජ වගාවක් ලෙස රබර් වගා කර ඇති බවත් මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ ද හෙක්ටයාර 3000ක වාණිජ වගාක් ලෙස රබර් වග කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
 
අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක දෙකද වාණිජ වගාවක් ලෙස රබර් වගාකිරීමේ හැකියාව පිළිබඳව සිදුකෙරෙන අධ්‍යනයන්ට පසු සාර්ථක වුවහොත් වාණිජ මට්ටමින් වගාකිරීමට කටයුතු කරන බව ද හේරත් මහතා කීය.
 
වියළි කලාපයන්හි වර්ෂාපතනය අඩු බැවින් වසරේ වැඩි කාලයක් කිරි කැපිය හැකි වීමත්, දිලීර රෝගවලට ලක්වීමේ අඩු කමත් වියලි කලාපයේ රබර් වැවීමෙන් අත්වන වාසි යැයි ද ඔහු පෙන්වා දුන්නේය.



අදහස් (6)

වියළි කලාපයේ රබර් වවන්න යයි

de silva Wednesday, 11 November 2020 05:33 PM

තෙත් කලාපයේ වැවෙන රබර් වල මිල පහල වැටිලා විකුනන්න බැරිව ඉන්නවා එතකොට වියලි කලාපයේත් වවන්න යනවා.

:       0       5

de silva Thursday, 12 November 2020 03:08 PM

ලංකාවෙ කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව සහ එහි නිලධාරින් සම්පූර්ණයෙන්ම අසමත්... අද රටෙ කහ ටිකක් හොයාගන්න නැහැ. සහල් මිල අහස උසට නැගලා. රටෙ ආරක්ෂක හමුදාවට වී මිලදී ගැනීම සහ වගාකටයුතු වල වල යෙදවෙන්න සිදුවෙලා ... මෙ නිලධාරින් හා දේශපාලකයින් කල්පනා කරනවා වියළි කලාපයෙත් රබර් වවන්න. තෙත් කලාපයේ නිෂ්පාදනය කරන රබර් වගාව දැන් පහත වැටිලා, වගාකරුවන් ඉතා අසරණ වෙලා. කරුණාකර වියළි කලාපෙට ගැලපෙන ආහාරයට ගන්න පුළුවන් දෙයක් වවන්න.

:       1       6

සම්පත් බණ්ඩාර Friday, 13 November 2020 02:54 AM

කෑගල්ල කළුතර ගාල්ල රත්නපුර වැනි දිස්ත්‍රික්කවල රබර් වගාව අසාර්ථකව ඇත්තේ ජනතාව වැඩි නිසා නොව වැස්ස වැඩිවීමත් කිරි කැපීමට සේවකයින් නොමැතිවීමත් නිසා කියලයි අද්දැකීම් අනුව අපට හිතෙන්නේ. කොහොම වුනත් අධිරාජ්‍යවාදීන් අපට හුරුකල වගාවන් කරනවා කියන්නේ තවතවත් මේරට ලෝකයට ණයකරුවෙක් වීම පමණයි. පළමුව රටට ගෙන්නන ආහාර වර්ගත් බෙහෙත් වර්ගත් වවනවානම් හොදයිනේද. විදේශිකයින් මෙරට අල්ලා ගැනීමට පැමිණියේ කුරුඳ. ගම්මිරිස් එනසාල් වැනි කුළුබඩු නිසාය ඒගැන අවධානය යොමුකලොත් නරකද මහත්තයෝ.

:       1       6

රසික Friday, 13 November 2020 10:16 AM

මේක දැන් අවුරුදු කීයක් පරණ කතාවක්ද? වව්නියාවේ, මුලතිව්, කිලිනොච්චිය වගේ පැතිවලත් ආදර්ශ වගා කරලා දැන් කොච්චර කල්ද?

:       0       3

saman Saturday, 14 November 2020 11:02 AM

වගාවන් කිරීම මොන කලාපයේත් දැන් අපහසුයි. බෝග සඳහා මිලක් නොමැති වීමත් කම්කරු ශ්‍රමය ලබා ගැනීමේ අපහසුවත් මෙයට මූලික හේතුන් වේ. මහනුවර දිස්ත්‍රික්කයේ මගේ පියාට හා මවට අයත් ගම්මිරිස්, කරාබුනැටි, කෝපි වැනි සුළු අපනයන බෝග වගාකළ ඉඩම් කිහිපයක්ම විකුණා දැමීමට සිදුවුනේ මේ නිසායි...

:       0       6

Kautilya Thursday, 19 November 2020 08:36 PM

හාස්‍යජනකයි. ලෝකයේ ස්වාභාවික රබර් වෙනුවට කෘතිම නිෂ්පාදන තිබේ. වාරිමාර්ග නැවත ලබා ගැනීම සහ අතහැර දමා ඇති කුඹුරු නැවත වගා කිරීම ගැන කුමක් කිව හැකිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 60 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 50 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 23 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 57 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 720 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1399 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site