IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


වන උද්‍යාන දසුන් සංචාරකයින්ට බලන්න විද්‍යුත් විකාශයක්

( තිළිණි ද සිල්වා )

කෝවිඩ් 19 වසංගතය පැවතියද  සංචාරක ආකර්ෂණය පවත්වාගෙන යෑම සඳහා මෙරට වඩාත්ම ජනප්‍රිය ජාතික වන උද්‍යාන තුළ සිට, නව තාක්ෂණය උපයෝගී කරගනිමින්, සජීවී විද්‍යුත් විකාශයක් (Live Streaming) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය  අද (4) සිට පියවර ගත්තේය.

 

ගෝලීය වසංගත තත්ත්වය මත සංචරණ සීමාවන් පැනවීම හේතුවෙන්   මෙරට  සංචාරක කර්මාන්තය බිඳවැටුණද , වසංගතය පහව ගිය පසු විදෙස් සංචාරකයන් ආකර්ෂණය ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි වැඩියෙන් යොමු කර ගැනීම වෙනුවෙන්  මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියා සිටී.

මේ යටතේ  අද (04) ලබන 14 වැනිදා තෙක්  අලි ඇතුන් , ශ්‍රී ලංකා දිවියන් ඇතුළු මෙරට ආවේනික  විවිධ සතුන් සිටින මින්නේරිය , කවුඩුල්ල , යාල සහ උඩවලව ජාතික වන උද්‍යානවල ඇති දසුන්  සජීවී විද්‍යුත් විකාශය (Live Streaming) හරහා ලෝක ප්‍රජාවට දැක බලා ගත හැකි බව එම කාර්යාංශය සදහන් කරයි.

එම  වන උද්‍යානයන්හි විස්මිත දර්ශන හා සිදුවීම්  ලෝක සංචාරක ප්‍රජාව වෙත සජීවීව විකාශය කිරීම සිදු කරන අතර මේ මඟින් ලංකාවේ ස්වභාව සෞන්ද ර්ය අසිරිය කෙරෙහි විදේශ සංචාරකයන් ආකර් ෂණය වනු ඇතැයි එම කාර්යාංශය අපේක්ෂා කරයි.

එම විකාශයන්  ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සමාජ මාධ්‍ය සහ ඊට අනුබද්ධ වෙබ් අඩවිය ඔස්සේ අදාළ වන උද්‍යාන වල සිට සිදු කෙරේ.

සංචාරක කර්මාන්තය රටේ ආර් ථිකයට සෘජුව බලපෑම් කරන බැවින් සියල්ල යථා තත්ත්වයට පත්වෙන තුරු , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර් යාංශය  මෙලෙස ජනතාව මුල්කරගත් හා ජනතාව සම්බන්ධ කරගත් ව්‍යාපෘති හා ක්‍රියාකාරකම් කිහිපයක් ඉදිරියේදී  ක්‍රියාත්මක බවද එම කාර්යාංශය කියා සිටී.

මෙම  ප්‍රවර්ධන ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමට ඕනෑම අයෙකුට හැකි අතර මේ ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ නිවාඩු අවස්ථාවන් දිනාගැනීමේ වරම් සජීවී විකාශය නරඹන විදේශිකයන් හට තිළිණ කිරීමට බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති, කිමාලි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළා ය.

මේ පිළිබද වැඩිදුර දැනුම්වත් වීම් www.srilanka.travel යන වෙබ් අඩවිය මඟින් හෝ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර් යාංශයේ නිල ෆේස්බුක් පිටුව වෙත පිවිස ලබාගත හැකි බව ද එම කාර් යාංශය කියා සිටී.

 



අදහස් (0)

වන උද්‍යාන දසුන් සංචාරකයින්ට බලන්න විද්‍යුත් විකාශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 169 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 659 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site