වනමන්දාව දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනය වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යංශය සංවිධානය කළ වයඹ විජයාභිමානී සම්මාන උළෙලේදී විශිෂ්ටම ව්‍යාපාරය (කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රය - සුළු පරිමාණ අංශය) ලෙස සම්මාන ලැබුවේය.
වනමන්දාව ආයුර්වේද ඖෂධ සමාගම වෛද්‍ය ශිරෝමණී, වෛද්‍යාචාර්ය පී. ජී. සෝමරත්න මහතා විසින් 1960දී ගිරිඋල්ල ප්‍රදේශයේ පීනස් රෝග සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසින් ආරම්භ කරන ලද අතර ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වූ වෛද්‍ය පී. ජී. අනුර කුමාර සෝමරත්න මහතා 1988දී වනමන්දාව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය සහ ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනය ඇරැඹුවේය.
සාම්ප්‍රදායික ආයුර්වේද ශිල්ප ක්‍රම සහ නවීන තාක්ෂණය එකට මුසු කරන එම සමාගම පාරම්පරික වට්ටෝරු භාවිත කරමින් උසස් තත්වයේ ඖෂධ නිපදවයි. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයට පිළියමක් ලෙස එම සමාගම 2005දී හොරගොල්ල සහ හබරණ ප්‍රදේශවල ඖෂධ පැළෑටි වගා කිරීමේ ව්‍යපෘති ඇරැඹීය. වෛද්‍ය සෝමරත්න මල්ලවාරච්චි මහතා සභාපතිත්වය දරන වනමන්දාව දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනය හීන්බෝවියා-පිටවක්කා පෙති, මුරුංගා පෙති, ස්ලිම් කරල්, බ්‍රාහ්මී පෙති, දියවැඩියා පෙති ඇතුළු පුළුල් පරාසයක ඖෂධ නිපදවයි. වනමන්දාව සමාගම් සමූහයට අනුබද්ධ සමාගමක් වන වනමන්දාව සෝමරත්න වෙද මැදුර උසස් තත්වයේ පාරම්පරික සහ නවීන ආයුර්වේද ප්‍රතිකාර සපයන ආයතනයකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වනමන්දාව දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනයට වයඹ විජයාභිමානී සම්මාන