IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


විදෙස් කොටස් වෙළෙඳපොළ ආයෝජන : රැවටිලිකාර ඇමතුම්


කොටස් වෙළඳපොළ ආයෝජන සම්බන්ධයෙන් මේ දිනවල විවිධාකාර මත සමාජගත කෙරෙමින් ජනතාව නොමග වන සුළු ක්‍රියාකාරකම් සිදුවන ආකාරයක් ඇතැම් අවස්ථාවල පෙනෙන්නට තිබේ. කොටස් වෙළඳපොළේ නිවැරැදිව ආයෝජනය කර එහි ප්‍රතිලාභ ලබා ගන්නේ කෙසේද යන්න ශ්‍රී ලංකා සුරැකුම් පත් සහ විනිමය කොමිෂන් සභාව සකස් කළ ලිපියකි මේ. 

විදේශීය රටවල ගනුදෙනු සිදුවන සමාගම්වල කොටස්වල ඔබගේ මුදල් ආයෝජනය කර, සහතික කළ ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දුවක්ද සමඟ විදේශීය කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් යැයි කියා ගන්නා පුද්ගලයන්ගෙන් ලැබෙන, දුරකථන ඇමතුම් පිළිබඳවද ආයෝජකයන් සැලකිලිමත් විය යුතුය. 

කොටස් වෙළෙඳපොළ ආයෝජනය ඇතුළු ඕනෑම ආයෝජනයකින් කිසියම් ආයෝජකයකු තමා යොදවන මුදලට ඉහළ ප්‍රතිලාභයක් බලාපොරෙත්තුවීම සාමාන්‍ය තත්වයකි. එය ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීමට නම් ආයෝජකයකු යම් වගකීමක් ඇතිව ආයෝජනවල නිරත විය යුතුය. සමහර ආයෝජකයන් එසේ වගකීමක් නොමැතිව සොයාබැලීමකින් තොරව මුදල් යොදවා පසුව විවිධ ගැටලු‍වලට මුහුණ දෙන අවස්ථා දැකගත හැකිය. 

මේ නිසා ආයෝජකයකු වශයෙන් තම වගකීම් මොනවාද යන්න තේරුම් ගෙන කොටස් වෙළෙඳපොළ ඇතුළු ඕනෑම ආයෝජනයක මුදල් ආයෝජනය කිරීමෙන් ඉදිරියේදී සිදුවිය හැකි අලාභ සහ පාඩු අවම කර ගැනීමටත් විවිධ මූල්‍ය වංචාවලින් ආරක්ෂාවීමට හැකියාව ලැබේ. ඒ අනුව කාලීන වශයෙන් ඉතා වැදගත් මෙන්ම ආරක්ෂාකාරීව තම ආයෝජන සිදුකිරීම පිළිබඳව ආයෝජකයකුට මගපෙන්වීමක් කිරීමත්, ඔහු අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේද පිළිබඳව දැනුමක් ලබාදීමත් සහ ඔහු සතු වගකීම් පිළිබඳව යම් අවබෝධයක් ලබාදීමත් මෙම ලිපියෙහි අරමුණයි. 

■ අරමුදල් යොමු කරන ආයෝජනයේ ස්වභාවය තේරුම් ගැනීම

කිසියම් ආයෝජනයකට තම අරමුදල් යෙදවීමේදී එම ආයෝජනයේ ස්වභාවය සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ආයෝජකයා අවබෝධයක් ලබාගත යුතුය. විශේෂයෙන්ම එම ආයෝජනය සම්බන්ධ වන්නේ කුමන ආකාරයක මූල්‍ය වත්කමක් සමඟද, එම මූල්‍ය වත්කම්වල පවතින අවදානම කෙබඳුද, එය කෙටිකාලීන එක්කද, එසේ නැතහොත් දිගුකාලීන ආයෝජනයක්ද, එය නියාමනයකට ලක්වන ආයෝජනයක්ද, යනාදී වශයෙන් ආයෝජනයේ වටපිටාව ගැන යම් මූලික අවබෝධයක් ප්‍රථමයෙන් ආයෝජකයකුට තිබිය යුතුය. එසේම ආයෝජන වල ස්වභාවය විවිධ විය හැකිය. ආයෝජන අතර සමහර ආයෝජනයන් දිගුකාලීන වන අතර තවත් සමහර ඒවා කෙටිකාලීන වේ. එසේම එවැනි ආයෝජන අතර අවදානම ඉහළ හා අවදානම පහළ ආයෝජනය ද දක්නට ලැබේ. මේ ආදි වශයෙන් ආයෝජනවල විවිධ වෙනස්කම් හඳුනාගත හැකිය. එපමණක් නොව කිසියම් ආයෝජකයකු, තම ආයෝජනය කොපමණ කාලයක් දරා සිටිය යුතුද, මුදල් නැවත ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද යන්න ද තේරුම් ගෙන මූලික අවබෝධයක් ඇතිව ආයෝජනයට ප්‍රවේශ වීම වැදගත්ය. 

■ මුදල් ආයෝජනය කරනු ලබන ආයතනයේ නීත්‍යනුකූලභාවය තේරුම් ගැනීම

බොහෝ ආයෝජකයෝ ආයෝජනයකට අරමුදල් යොමුකරන විට එම ආයතනයේ නීත්‍යාකූලභාවය පිළිබඳව විමසීමක් සිදු නොකරති. ප්‍රතිලාභ ලැබෙන තෙක් ඒවා භුක්ති විඳිමින් කාලය ගත කරති. එහෙත් යම් කාලයක් ගතවන විට ප්‍රතිලාභ අඩු වන විට සහ එම ආයතනයේ ආයෝජනය හා සම්බන්ධ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වන විට ආයෝජකයෝ කලබලයට පත් වෙති. අනතුරුව ආයෝජනයෙන් පාඩු ලබන විට ඊට වගකිව යුතුයැයි තමා සිතන ආයතනවලට පැමිණිලි කිරීමටත්, දොස් නැගීමටත් පෙළඹෙති. එය ආයෝජකයකු සිදුකළ යුතු නිසි ක්‍රමවේදය නොවේ. 

ආයෝජනයට ප්‍රවිශ්ට වීමට ප්‍රථමව කළ යුතු දෙයක් වන්නේ තම අරමුදල් ආයෝජනය කරන ආයතනය පිළිබඳව හොඳින් විමසා බලා කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව මුදල් යෙදවීමයි. ඕනෑම මූල්‍ය ආයෝජනයක් පවත්වාගෙන යා යුත්තේ කිසියම් නීති රාමුවකට යටත්ව බව ද ආයෝජකයන් තේරුම් ගත යුතුය. එහෙත් රටේ පවතින එම මූල්‍ය නීති රාමුවට අනුකූලව කටයුතු නොකරමින්, සහ ඔවුන් එය පවත්වාගෙන යනු ලබන්නේ එම නීති රීති වලට අනුව යමින් බව මහජනතාවට ඒත්තු ගන්වමින් විවිධ වංචනික ආකාරයෙන් ජනතාව රවටමින් කටයුතු කරන මූල්‍ය ආයතනද ඔබ අවට තිබිය හැකි බව අමතක නොකළ යුතුය.

■ ආයෝජන උපදෙස් ලබාදෙන පුද්ගලයා ඊට සුදුසුකම් ලත් අයෙක්ද යන්න විමසා දැනගන්න

විවිධ මූල්‍ය ආයතන ඉහළ ප්‍රතිලාභ අත්කර දෙන බවට පවසමින් ඔබව ඔවුන්ගේ ආයෝජන වෙත ආකර්ෂණය කර ගැනීමට එම ආයතනවල නියෝජිතයන් උත්සාහ දැරීම සාමාන්‍ය සිදුවීමකි. එවැනි තත්වයක් යටතේ ආයෝජකයකුගේ වගකීමක් සහ ඔහු අනුගමනය කළ යුතු නිසි ක්‍රියා පිළිවෙත වන්නේ එකී ආයෝජන උපදේශකයාට එසේ උපදෙස් දීමට හැකියාවක් තිබේද, ඔහු එම උපදෙස් ලබාදීමට වෘත්තීයමය අවසරයක් හෝ බලපත්‍රයක් තිබේද, ඔහු මූල්‍යමය උපදෙස් ලබාදෙන්නේ කුමන ආයතනයක් වෙනුවෙන්ද යනාදී කරුණු විමසා බැලීමයි. එසේ නොමැතිව කිසිදු විමසා බැලීමකින් තොරව මුදල් ලබාදී ආයෝජනවලට යොමුවීම ආයෝජකයකු සිදුකරන ප්‍රධාන වරදකි. බොහෝ අවස්ථාවල ආයෝජකයන් තමා සිදුකළ වරද තේරුම් ගන්නා විට ඔහු ප්‍රමාද වැඩිය. එනම් තමා මුදල් යොදවා ඇත්තේ නීත්‍යානුකූල ආයෝජනයකට නොවන බවත්, ආයෝජනය සම්බන්ධයෙන් තමාට උපදෙස් දුන් පුද්ගලයන් සොයා ගත නොහැකි බවත්, මුදල් ආයෝජනය කළ ආයතනය/ සමාගම ස්ථාපිතව තිබුණු ස්ථානයේ නොමැති බවත්, ආයෝජනයට වගකියන කිසියම් ආයතනයක් නොමැති බවත් ආදී වශයෙන් තේරුම් ගන්නා විට ආයෝජකයා ප්‍රමාද වැඩි බවයි. 

■ ප්‍රතිලාභය පමණක් නොව, ආයෝජනයේ ආරක්ෂාව ගැන හොඳින් සිතා බලන්න

සමහර ආයෝජකයන් අවධානය යොමු කරන්නේ ප්‍රතිලාභය ගැන පමණකි. වංචා සහගත ආයෝජනවල නිරත වන්නන්ගේ ස්වභාවය වන්නේ විවිධ ප්‍රස්තාර, සංඛ්‍යා දත්ත පෙන්වමින් වංචා සහගතව කෙටිකාලීන ඉහළ ප්‍රතිලාභ දෙස ආයෝජකයාගේ ඇස යොමු කිරීමයි. අනෙකුත් තොරතුරු වසන් කිරීම ඔවුන්ගේ උපායකි. මේ පිළිබඳව තේරුම් ගෙන කටයුතු කළහොත් එවැනි ආරක්ෂාවක් නොමැති නීත්‍යනුකූල නොවන මූල්‍ය මාර්ගවලට ගොස් අලාභ සිදු කර ගැනීමට තිබෙන ඉඩකඩ අඩුය. 

■ මූල්‍ය ක්ෂේත්‍රෙය් තිබෙන නියාමන ආයතන හඳුනාගැනීම ඉතා වැදගත්ය

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රෙය් ක්‍රියාත්මක වන ප්‍රධාන රාජ්‍ය නියාමන ආයතන දෙකක් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවයි (SEC). බැංකු පද්ධතිය ඇතුළු මුදල් වෙළෙඳපොළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන අතර කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) ඇතුළු ප්‍රාග්ධන නියාමනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවයි. ශ්‍රී ලංකාව තුළ යම්කිසි ආයතනයක් මූල්‍ය සමාගමක් විදිහට ආයෝජන වල නිරත වන්නේ නම් එම ආයතනනය මෙම ආයතන දෙකෙන් එකක් යටතේ එකී නීති රාමුවට අනුගතව ලබාගත් බලපත්‍රයක් හෝ අවසරයක් මත ක්‍රියාත්මක විය යුතුය. ඒ පිළිබඳව එම ආයතනවල වෙබ් අඩවිවලට පිවිසීමෙන් වැඩිදුර විස්තර සොයා ගත හැකිය. 

■ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බලපත්‍රලාභී කොටස් තැරැව්කාර ආයතන හා සහතිකලත් ආයෝජන උපදේශකයන් පිළිබඳ විස්තර පහතින් දක්වා ඇති වෙබ් අඩවිවලින් ලබාගත හැකියි.

විශේෂයෙන්ම යම් ආයෝජකයෙක් ශ්‍රී ලංකාව තුළ කොටස් ගනුදෙනු සිදුකරන්නේ නම් ඒ හා සම්බන්ධ විස්තර ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.sec.gov.lk මගිනුත්, කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවිය වන www.cse.lk මගිනුත් ලබාගත හැකිය. කොටස් ගනුදෙනු හා සම්බන්ධයෙන් ආයෝජකයන්ට ආයෝජන උපදෙස් ඇතුළු පහසුකම් සපයන කොටස් තැරැව්කාර සමාගම් මොනවාද, එම කොටස් තැරැව්කාර සමාගම්වල සිටින වෘත්තීයමය ආයෝජන උපදේශකයන් කවුරුන්ද ඔවුන්ගේ නියමිත සුදුසුකම් සපුරා ඇත්ද යන්න මෙම වෙබ් අඩවිවලට පිවිසීමෙන් සොයාගත හැකිය. 

ආයෝජකයන් විශේෂයෙන් මෙහිදී මතක තබා ගත යුතු කරුණක් වන්නේ විදේශීය කොටස් වෙළෙඳපොළවල කොටස් මිලදී ගැනීමට සහ විකිණීමට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවීමට කිසිදු කොටස් තැරැව්කාර සමාගමකට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ප්‍රදානයක් සිදුකර නොමැති බවයි. 

තවද, විදේශීය රටවල ගනුදෙනු සිදුවන සමාගම්වල කොටස්වල ඔබගේ මුදල් ආයෝජනය කර, සහතික කළ ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දුවක්ද සමඟ විදේශීය කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයන් යැයි කියා ගන්නා පුද්ගලයන්ගෙන් ලැබෙන, දුරකථන ඇමතුම් පිළිබඳවද ආයෝජකයන් සැලකිලිමත් විය යුතුය. මෙයට වසර කිහිපයකට පෙර සමාගම් කිහිපයක් නොනවත්වා විවිධ පුද්ගලයන්ට විදේශ කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කිරීමට උනන්දු කරවීම සඳහා දුරකථන ඇමතුම් ලබා දුන් අතර සමහර පුද්ගලයන් එම දුරකථන ඇමතුම් නිසාවෙන් පිට රට කොටස් වෙළෙඳපොළ තුළ කොටස් මිලදී ගැනීමට පෙළඹුණි. 

එහෙත් සත්‍ය වශයෙන් සිදු වූයේ එම ආයෝජකයන් පිටරට කොටස් වෙළෙඳපොළ තුළ කොටස් මිලදී ගැනීම නොව, යම්කිසි ආකාරයක ”‍හෙජින්”‍ (Hedging) කිරීමකට හසුවීමකි. මෙම ආයතන හරහා එසේ ගනුදෙනු සිදුකළ ආයෝජකයන් හට විශාල වශයෙන් පාඩු සිදු වූ අතර වසර දෙකකට පමණ පෙර මෙම ආයතන වසා දමා එම ආයතනවල අයිතිකරුවන් සොයා ගැනීමට පවා නොහැකිවිය. මේ අනුව වර්තමානය වන විට යළිත් එවැනිම ආකාරයේ සමාගම් කිහිපයක් හිස ඔසවමින් තිබෙන බවට පැමිණිලි ලැබෙමින් පවතින අතර මහජනතාවට දුරකථන ඇමතුම් ලබාදෙමින් පිටරටවල කොටස් වෙළෙඳපොළවල ආයෝජනය කිරීමෙන් ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකි බව පවසමින් ක්‍රියාත්මක වෙමින් තිබේ. බුද්ධිමත් ආයෝජකයන් වන ඔබ සිදු කළ යුත්තේ මෙවැනි ආයෝජන සිදු කරන ආයතනවලට හසු නොවී වඩාත් විමසිලිමත්ව තම ආයෝජන සිදු කිරීමයි. 

මේ අනුව අවසන් වශයෙන් සඳහන් කළ හැක්කේ, ඔබ දැනුවත්ව සිටීමෙන්, පරෙස්සම් වීමෙන් සහ විශ්වාසදායක මූලාශ්‍ර මත විශ්වාසය තැබීමෙන්, කොටස් වෙළෙඳපොළ ඇතුළු අනෙකුත් මූල්‍ය ආයෝජන කෙරෙහි පුද්ගලයන් වංචනික ලෙස පෙළඹවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි බවයි. 

 



අදහස් (0)

විදෙස් කොටස් වෙළෙඳපොළ ආයෝජන : රැවටිලිකාර ඇමතුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 36 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 67 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 91 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 19 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 24 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 22 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 842 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 209 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1259 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site