IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


විදේශ විකිණීම් ඉහළට තරගකාරිත්වයට තියුණු අවාසියක්

පසුගිය දින කිහිපය තුළ සිදුවූ අනපේක්ෂිත පසුබෑම වළකාගෙන ඇති අතර ඊයේ (05) කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු නැවත ප්‍රබෝධවත්වීමක් සනිටුහන්විය. ලාබ සහිතව කොටස් විකිණීමට දරන උත්සාහය පසුගිය දින කිහිපය තුළ පසුබෑමට හේතු වූ අතර නැවත අඩු මිලට වැඩුණු සමාගම්වල කොටස් මිල දී ගැනීමට දේශීය සුළු හා ආයතනික ආයෝජන අංශ ඉදිරිපත් වී ඇත. 
කෙසේ වෙතත් විදේශීය විකිණීම් බරපතළ අවාසිදායක තත්වයක තිබුණි. රුපියල් බිලියන 143 ක කොටස් මිල දී ගන්නා අතර රු. බිලියන 1,249 ක කොටස් විකිණීම් වාර්තා විය. වෙළෙඳ පොළට අහිමි වූ විදේශිය ශුද්ධ වටිනාකම රු. මිලියන 1,106ක් වැනි තැනක පැවැති අතර බැංකු අංශයේ කොටස් සඳහා මෙය බලපෑ බව දැක්විය හැකිය. විනිමය අනුපාතිකය පවතින ආකාරය කොටස් වෙළෙඳාමට අඩුම ලාබ සහිත බව විදේශික ආකල්පය වී ඇති බව පෙනේ.
ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,055.30 තෙක් ඉහළ ගිය අතර එය දර්ශක 296.28 ක වර්ධනයකි. කෙසේ වෙතත් එය තවමත් ඉහළම අගයට වඩා දර්ශක නමසිය ගණනක පසුබැසීමක පවතී. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,823.11 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 76.12 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. 
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 16,055 ක් වූ අතර එහි දී සමාගම් 202 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 41 කි. දිනයේ පිරිවැටුම රු. බිලියන 5.179 දක්වා අගයක් වාර්තා කළේය. මාර්තු 04 දා වනවිට කොළඹ කොටස් වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 5,616.08 දක්වා සීමා වී තිබුණි.
හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 1,045 ක, හේමාස් හෝල්ඩිං රු. මිලියන 356 ක, නේෂන් ට්‍රස්ට් බැංකුව රු. මිලියන 278 ක, සම්පත් රු. මිලියන 158 ක, එන්.ඩී.බී. රු. මිලියන 156 ක, ජෝන් කීල්ස් රු. මිලියන 104 ක, සහ හේලීස් රු. මිලියන 95 ක, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය. 



අදහස් (0)

විදේශ විකිණීම් ඉහළට තරගකාරිත්වයට තියුණු අවාසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site