විදේශ රැකියා නියෝජිතායතන සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ දැමීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන සැලසුම්සහගත කුමන්ත්‍රණයක් හේතුවෙන් මෙරට විදේශ රැකියා ක්ෂේත්‍රය බරපතළ ලෙස කඩා වැටී ඇති බව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සංගමය සඳහන් කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් මොහමඞ් ෆාරුක් මොහමඩ් අර්ශාඩ් පැවැසුවේ පසුගිය වසරවලට සාපේක්ෂව මේ වන විට රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව සියයට 20කට ආසන්න අගයකින් පහළ ගොස් ඇති බවයි. මෙය රටේ විදේශ විනිමය ආදායමට බරපතළ බලපෑමක් ඇති කරනු ඇතැයි ඔහු පැවැසුවේය.
“සමාජ ක්‍රියාකාරීන් යැයි කියා ගන්නා පිරිසක් විදේශ රැකියා ක්ෂේත්‍රය බිඳ දැමීමට කටයුතු කරමින් ඉන්නවා. ඔවුන්ගෙන් සමහරුන්ට විවිධ බාහිර පාර්ශ්වවලින් විශාල වශයෙන් මුදල් ලැබෙන බවට තොරතුරු තිබෙනවා. රැකියාවක් සඳහා විදේශගත වීම පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ දැමීම සඳහා ඔවුන් ගෙන යන වැඩපිළිවෙළ කුමන්ත්‍රණයක් බව ඉතාමත් පැහැදිලියි.” ඔහු පැවසීය.
යම් මූල්‍ය අක්‍රමිකතාවක් හෝ වෙනත් වරදක් සිදු කර ඇති ඕනෑම විදේශ රැකියා නියෝජිතායතනයකට, පුද්ගලයකුට, නිලධාරියකුට එරෙහිව අදාළ ක්‍රියා මාර්ග ගැනීම සඳහා තම සංගමය පූර්ණ සහයෝගය දෙන බවත්, එහිදී අවශ්‍ය පියවර ගැනීම සඳහා පිළිගත් සහ විධිමත් යාන්ත්‍රණයක් තිබෙන බවත් ඔහු පැවැසීය.
“වසරකට 300,000කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා යොමු වෙනවා. ඔවුන් වාර්ෂිකව ඩොලර් බිලියන 7කට ආසන්න මුදලක් රටට එවනවා. මේ ක්ෂේත්‍රය බිඳ වැටුණොත් ජනතාවට නැවතත් විදුලි බලය නැතිව පෝලිම්වල ඉන්න සිදු වේවි.”
2025 නොවැම්බර් මස 04
56
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2010
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදේශ රුකියාවලට යන පිරිස සියයට 20කින් අඩු වෙලා - බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සංගමය