IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදේශ මිල දී ගැනීම් සමග ආයෝජන විශ්වාසය වර්ධනය වන ලකුණු

අද දිනයෙන් ආරම්භ වනසතියේ ගනුදෙනුවලදී කොටස් වෙෙළඳාම ස්ථාවර හා ක‍්‍රමයෙන් වර්ධනය වන ස්වභාවයක් අපේක්ෂා කළ හැකි වනු ඇත. ලාභ ඉපැයීමට වෑයම් කිරීම එක පැත්තකින් සහ සුළි කුණාටුවේ බලපෑම් සමග අවිනිශ්චිත වූ ගනුදෙනුකරුවෝ මුදල් ඉවත් කරගත් නමුත් ක‍්‍රමයෙන් නැවතත් සිය ධනය ආයෝජනය කිරීමට උත්සාහ කරනු ඇත.  

සන්න්වේදන, ප‍්‍රවාහන, සෞඛ්‍ය මෙවලම්, පාරිභෝගික සේවා යන අංශවල ප‍්‍රගතියක් අවසන් සතියේ දී පැවැති අතර එය මෙම සතියේ දී බැංකු, රක්ෂණ හා තවත් පැතිවලට යොමුවනු ඇතැයි සැලකේ. විපත් සමග දුෂ්කර තැනකට පත් වූ ජන ජීවිතය නගා සිටුවීම සඳහා රජය මුදල් නිදහස් කරමින් සිටින අතර විදේශ ආධාර සහ දෙස් විදෙස් පරිත්‍යාග සැලකිය යුතු පමණකින් ලැබීම සමග බිඳ වැටුණු තැන් නැවත ගොඩනැගිය හැකි වේ. එය ආයෝජකයන්ගේ විශ්වාසයට බලපාන ප‍්‍රධාන සාධකයකි.   

කෙසේ වෙතත් ඉකුත් සතියේ අවසාන ගනුදෙනුවාරයේ දී (දෙසැම්බර් 05) වෙෙළඳපොල දුර්වල වූ අතර දිනයේ  මැද භාගයේ පැවැති තියුණු පහතවැටීම් අවසන් භාගයේ දී ක‍්‍රමයෙන් ආවරණය කරගැනීමක් සටහන් විය. තවමත් විදේශ ආයෝජන අංශ විකිණීම්වලට නැඹුරුය. දිනයේ ගනුදෙනුවල දී විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 154.4 ක් වන අතර විකිණීම් රුපියල් මිලියන 82.4 කි. විදේශ විකිණීම් හෙයින් රුපියල් මිලියන 72 ක ශුද්ධ වටිනාකමක් රට ලැබී තිබේ. සැලකිය යුතු කාලයට පසු ශුද්ධ මිල දී ගැනීම් වාර්තාවීමවිශේෂ සිද්ධියකි.

මෙදින ගනුදෙනු අවසානයේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 21,497.08ක් තෙක් පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 329.51 ක පිරිහීමකි. එස් ඇන්ඩ් පී ශ‍්‍රී ලංකා දර්ශකය 5,942.97 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 87.69 ක පහළ වැටීමකි. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 3.96 කි. ගනුදෙනු 44,016 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප‍්‍රමාණය මිලියන 132.09 ක් විය. සමාගම් 70 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 193 කි. 

නිරීක්ෂක



අදහස් (0)

විදේශ මිල දී ගැනීම් සමග ආයෝජන විශ්වාසය වර්ධනය වන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site