IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදේශ මිලදී ගැනීම් සුළු වශයෙන් ඉහලට

අද දිනයේ දී ගනුදෙනු සමග තෝරාගත් කොටස් සඳහා ඉල්ලුමක් ලැබිය හැකිය. වැවිලි හා සංචාරක හෝටල්වල කොටස් මිලදී ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් උනන්දුවනු ඇතැයි සැලකේ. ඊයේ (24) ගනුදෙනු ආරම්භයේ සිට වර්ධනයක් සනිටුහන් වූ අතර, මෙම සතිය තුළ පළමු වතාවට විදේශ ආයෝජකයන්ගේ මිල දී ගැනීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය කළ හැකිවිය. 
රජයේ සුරැකුම්පත්වල විදේශිකයන්ගේ ආයෝජන ද පසුගිය සති දෙක තුළ ඉහළ ගොස් තිබුණි. විනිමය ආරක්ෂා කරගැනීමේ උපායක් වශයෙන් වාහන ආනයනය කිරීම නැවත වරක් සීමා කරන බවට තිබුණ මතය තුරන් කරමිනි. ශ්‍රී ලංකා මහ බැංකුව එයට සූදානම් නැති බව ප්‍රකාශ කර ඇත. ආයෝජන මණ්ඩලය, කොටස් වෙළෙඳපොළ හා සුරුකුම් පත් ආයෝජන වශයෙන් ලැබෙන විනිමය ද රුපියලේ අගය ශක්තිමත් කරන්නට හේතු වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. 
ගෙවී ගිය දින තුනක කාලය තුළ පසුබෑමකට පත්ව තිබුණ නමුත් ඊයේ රුපියල් මිලියන 255 ක කොටස් මිල දී ගන්නා අතර, විකිණීම් රු. මිලියන 206 කි. දිනයේ විදේශ ගනුදෙනුවල දී රු. මිලියන 49 ක වාසියක් රටට ලැබී තිබේ. කෙසේ වෙතත් සතියේ දින හතර තුළ පමණක් රු. මිලියන 219 ක ශුද්ධ අවාසියක් රටට සිදු වී තිබේ.
කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඊයේ (ජුනි 24) සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,379.24 ක් දක්වා වර්ධනය විය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 136.16 ක දියුණුවීමකි. එස් ඇන්ඩීපී ශ්‍රී ලංකා දර්ශකය 5,735.44 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 45.82 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. පිරිවැටුම රු. බිලියන 6.21 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 41,120 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 354.5 ක් විය. සමාගම් 164 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 88 කි. 
ජෝන් කීල්ස් හෝල්ඩිං රු. මිලියන 261 ක්, ඕවර්සිස් රියැලටි රු. මිලියන 249 ක්, ඇම්බියන් කැපිටල් රු. මිලියන 208 ක්, එන්.ඩී.බී. රු. මිලියන 194 ක්, ඩී. එෆ්.සී.සී. රු. මිලියන 191 ක්, ඇක්මී ප්‍රින්ටින් පැකේජ් රු. මිලියන 167 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.

නිරීක්ෂක



අදහස් (0)

විදේශ මිලදී ගැනීම් සුළු වශයෙන් ඉහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site