කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් වටයකින් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජන සංසද සැසිවාරයක් ලබන 27-28 දිනවල කොළඹ දී පැවැත්වේ. මෙහි දී මෙරට වෙළෙඳපොළ කෙරෙහි විශ්වාසය තර කරන පියවර ගණනාවක් හඳුන්වා දෙනු ඇතැයි දැක්වේ. 2024 වසරේ දී වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කරන ලද අතර සියයට පනහ ඉක්මවා ප්‍රතිලාභ අත්පත් කර දී තිබේ. වර්ධනයට පසු ලාබ උපයන අරමුණ ඇති ගනුදෙනු වෙළෙඳපොළේ පවතින අතර ඒවා සාමාන්‍ය බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඊයේ (මාර්තු 25) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,908.23 තෙක් සුළු වශයෙන් පහළ ගිය අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 4.38 ක අඩුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,757.81 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 1.25 ක පසුබැසීමක් සේ දැක්විය හැකිය.
කෝල්ඞ් ස්ටෝර්ස් රු. මිලියන 130 ක් වශයෙන් ඊයේ දිනයේ පිරිවැටුමකට වාර්තාගත දායකත්වයක් දැක්වීය. පැරක්වෙට් රු. මිලියන 98 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 72 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 67 ක්, සම්පත් රු. මිලියන 66 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 65 ක්, ඩයලොග් රු. මිලියන 64 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 59 ක් සහ හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 54 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සෙසු සමාගම් අතර තිබුණි.
වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 11,329 ක් වූ අතර සමාගම් 130 ක කොටස් මිල ඉහළ ගියේය. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 97 ක් විය. දිනයේ වෙළෙඳ පොළ පිරිවැටුම රු. බිලියන 2.89 ක් දක්වා සිමාවී තිබුණි. තවමත් මිල දී ගැනීම් සඳහා ආයෝජකයන් හට උනන්දු විය හැකි පරිසරයක් පවතී. මධ්‍ය හා දීර්ඝ කාලීන ආයෝජන වශයෙන් සැලකීම සුදුසු බව උපදේශකයන් ගේ නිර්දේශය වී තිබේ. මෙදින ගනුදෙනුවල දී විදේශ මිල දී ගැනීම් රු මිලියන 135.6 ක් වූ අතර විකිණීම් රු. මිලියන 13.4 කි. රු. මිලියන 122 ක ශුද්ධ ආදායමක් වාර්තා වී ඇත.
නිරීක්ෂක
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදේශ ආයෝජන වශයෙන් ශුද්ධ ආදායමක් රටට